(මොරගොල්ලාගම සිසිර කැලේගම)
ලෝක කාන්තා දිනය යෙදී තිබුණු පෙරේදා 8 වැනිදා කාන්තාවකගෙන් තම සැමියාට වීරත්වය ප්‍රකාශ කිරීමක් හා කාන්තාවන් දෙදෙනකු කෙස් වලු පටලවා ගැනීමේ පුවතක් ගල්නෑව මහවැලි කලාපයෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
බිරිය හා සැමියා රාජ්‍ය ආයතනයක සේවය කරන යුවළකි.
දරු මල්ලන් රැකියාවල නියැලී සිටින නිසා යුවළ පමණක් නිවසේ සිට රැකියා සඳහා පිටත්ව ගොස් යළි සවස් යාමයේ නිවහන කරා පැමිණෙති.
නිවාඩු දිනයක බිරිය ගෙවත්තේ වැඩ කරමින් සිටිය දී රෝගිතාවකට පත් වූවාය.
මේ නිසා ඇය රෝහල් ගත කළාය. ඇය රෝහලේ සිටියදී සැමියා එහි පැමිණ බිරියට උදේ කෑම පාර්සලය ලබා දී ඉන් නික්ම ගියේ ලෝක කාන්තා දිනය අද බැවින් ප්‍රදේශයේ පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගි වන බව පවසමින්ය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් ඇයගේ ටිකට් කැපුවේ නොසිතූ පරිදිය.
ඒ අනුව උත්සවයට ගිය සැමියාට කරදර නොකර ඇය කුලී ත්‍රිරෝද රථයකින් නිවෙසට පැමිණියාය.
ඇය නිවෙසේ රැඳී සිටින අතරවාරයේ සැමියා ඉන්නා ස්ථානයක් පිළිබඳව තොරතුරක් ලැබුණේ ඇයගේ සමීපතම හිතවතියකගෙනි.
ලැබුණ තොරතුරු මත ඇය හෙමින් සීරුවේම සිය නිවෙසට ආසන්නයේ වූ නිවහනක් සොයා ගියාය.
එහි මිදුලේ පිටුපසට වෙන්නට ඔහුගේ යතුරුපැදිය නවතා තිබෙන අයුරු දැක සිද්ධිය සක්සුදක් සේ ඇය වටහා ගත්තාය. යතුරුපැදිය ඇති සීමාවේ දර මඩුවක් අසල ඇය සැඟවී සැමියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තාය.
“අනේ මං ගෙදර ආවා. ඔයා කාන්තා දිනයේ උත්සවයට ගිය නිසා මං ඔයාට කරදර කළේ නෑ. කුලියට ත්‍රීවීල් එකකින් ගෙදර ආවා. ඔයා උත්සවය සමරලා හෙමින් එන්න කියා” යැයි පවසා ඇය සම්බන්ධතාව විසන්ධි කළාය.
ටික වේලාවක් එහි රැඳී සිටි ඔහු පිටුපස දොරෙන් දුවගෙන ගොස් යතුරුපැදියට ගොඩවෙන අවස්ථාවේ දී දර මඩුවේ සැඟවී සිටි බිරිය ‘මේකද ලෝක කාන්තා දින උත්සවය’ කියා සැමියාට කනේ පහරක් ගැසුවාය.
වෙච්ච දේ අදහා ගන්නට බැරි වූ සැමියා කන අත ගාමින් යතුරුපැදිය පණගන්වා එතැනින් පලා ගියේ බිරිය එහි සිටියදීම ය..
ඉන් අනතුරුව නිවෙසේ සිටි අනියම් කාන්තාව හා විවාහක බිරිය කෙස් වලු පටලවා ගත්හ. සිද්ධිය අවට අයට ඇසී ඔවුන් ද එය නැරඹීමට පැමිණීම නිසා එම නිවෙසේ අනියම් ඇසුර පැවැත් වූ කාන්තාවගේ නිර්මලත්වය ද අවට පිරිස් දැන ගත්හ. මේ නිසා ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව ඇයටත් දැන් පාරේ බැහැලා යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවට ද තොරතුරු අනාවරණය වෙයි.
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සැමියාගේ කාන්තා දින උළෙලෙන් උපාසක කතකගේත් සායම ගිහින්