IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශිෂ්‍යාවගේ නිල ඇඳුම යටින් දුරකථනයක් හැඬවිලා

(කරන්දෙණිය - එම්. සුසිල් ප්‍රියන්ත)

සිසුවියගේ සුදු නිල ඇඳුමට යටින් ජංගම දුරකතනයක් නාදවීමේ අපූරු පුවතක් දකුණු පළාතේ පාසලකින් වාර්තා වේ. සිසුන්ට පාසල් වේලාව තුළදී කොහෙත්ම ජංගම දුරකතන රැගෙන ඒම හා ළඟ තබා ගැනීම මුළුමනින්ම තහනම්කොට තිබූ පාසලකි.

ජංගම දුරකතනයක් සිසුවකු හෝ ශිෂ්‍යාවක ළඟ තබාගෙන අසුවුවහොත් එය පාසල සන්තකය. එම ජංගම දුරකතනයේ අසභ්‍ය දර්ශන ඇතුළත්ව තිබුණ හොත් ජංගම දුරකතනය පාසල සන්තකවීමට අමතරව සති දෙකක පංති තහනමක් පනවනු ලබයි. ශිෂ්‍ය නායකයකු හෝ ශිෂ්‍ය නායිකාවක ජංගම දුරකතනයක් ළඟ තබාගෙන අසු වුවහොත් එය වඩාත් බරපතළය. මෙසේ නීති රෙගුලාසි දමා තිබියදීත් එක දිනක් පාසල් වේලාවේ පංති කාමරයක් තුළදී එහි උගන්වමින් සිටි ගුරුවරියට ජංගම දුරකතනයක් නාදවනු ඇසිනි.

වහාම ක්‍රියාත්මක වූ ඇය එම ජංගම දුරකතනය නාදවනු ඇසුණු පැත්තට ගියාය. එම නාදය පැමිණෙනුයේ ශිෂ්‍යාවක සිටින පැත්තේ බව දැනගත් ඇය ඒ පැත්තට ගියාය. එහෙත් එය පෙනෙන්නට නොතිබුණි. අවසානයේදී ගුරුවරියට ඇසුණේ එම ශිෂ්‍යාවගේ සුදු නිල ඇඳුම අස්සෙන් දුරකතන නාදය එන බවයි. වහාම ඇය නැගිටුවාගත් ගුරුවරිය සිතුවේ එම ජංගම දුරකතනය ඇත්තේ නිල ඇඳුම යට කියාය. නැගිටින විටදී එය බිම වැටේ යයි සිතුවත් එය බිම නොවැටුණු නිසා ගුරුවරිය නොනවත්වාම නාදවන මේ ජංගම දුරකතනය සොයා ගැනීමට වෙනමම කාමරයකට රැගෙන ගියාය.

ඇයගේ නිල ඇඳුම යටින් ආ නාදය ඇසුණු දුරකතනය සඟවා තිබුණේ ශිෂ්‍යාව ඇද සිටි යට ඇඳුමේ බව එහිදී ඇය පරීක්‍ෂා කළ ගුරුවරියට දැනගන්නට ලැබිණි.



අදහස් (0)

ශිෂ්‍යාවගේ නිල ඇඳුම යටින් දුරකථනයක් හැඬවිලා

පිටබැද්දර ජයා Thursday, 02 June 2016 08:58 AM

කොහොමද පොඩි කමට ටිකිරි මොලේ ? බොහොම හොඳ ගුරුවරියක් (ම)

:       0       0

විමලරත්න Saturday, 04 June 2016 04:20 PM

අනේ හැබෑට අද කාලේ ළමයින්ට හැදිලා තියෙන පිස්සුවක තරම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site