කොළඹ නගරයට ආසන්නව ඇති මෙම සුපිරි වෙළෙඳසල පිහිටා ඇත්තේ ගොඩනැගිල්ලක පහත මහලේය. තම ආයතනවල අඩුපාඩු පරීක්‍ෂා කර  ඒවාට පිළියම් යෙදීම සඳහා ප‍්‍රධාන කාර්යාලයෙන් නොබෝදා විදෙස් නිලධාරින් දෙදෙනකු පත්කෙරිණි. දිනක් මෙම නිලධාරින් පෙර කී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ද පැමිණෙන බව දන්වා තිබූ අතර එහි සේවය කරන කාර්ය මණ්ඩලය ඇමතූ කළමනාකරු ‘‘උදේට අර මහත්තුරු මෙහාට එනවා අපි එයාලව හොඳට පිළිගන්න  ඕනේ’ යැයි පැවසීය. පසුව දොර අසල සිටි ආරක්‍ෂක නිලධාරියාට කතා කළ කළමනාකරු මහතා ‘‘කට්ටිය ආවාම දොර ඇරලා, ගුඞ් මෝනින් කියලා පිළිගන්න  ඕනේ’’ යැයි ඔහුට ද මතක් කර දුන්නේය. ‘‘හරි සර් මම ඒක වරද්දන්නේ නැතිව කරන්නම්’’ ආරක්‍ෂක නිලධාරියා පිළිතුරු දුනි. දිවා කාලය ද පසුවිය. අදාළ නිලධාරින් පැමිණියේ නැත. සවස පහට පමණ නිලධාරින් පැමිණෙනු දුටු කළමනාකරු ‘‘අන්න කට්ටිය එනවා මතකයි නේ’’ යැයි කී විට ආරක්‍ෂක නිලධාරියා ‘‘ ඕකේ සර්’’ යැයි හරිබර ගැසෙමින් පැවසීය. දොරටුව විවෘත කරමින් පැමිණ නිලධාරින්ව පිළිගත් ආරක්‍ෂක නිලධාරියා ‘ගුඞ් මෝනින් සර්’’ යැයි සීරුවෙන් සිටිමින් ආචාර කළේය. ‘‘ගුඞ් මෝනින්’’ යැයි කළමනාකරු හිසට අත ගසා ගත්තේය. එක් විදේශික නිලධාරියෙක් අනෙකා අමතා ‘‘ඇත්තටම දැන් උදේ දැයි’’ ඇසීය. ‘‘මේකේ ඇතුළෙ ඉද්දී උදේ රෑ හඳුනාගන්නට බැහැ’’ අනෙක් නිලධාරියා සිනාසෙමින් පැවසීය.