(හාරිස්පත්තුවේ - මොහොමඞ් ආසික්)
බස් රථයකට ගොඩ වූ අසනීප තත්ත්වයෙන් සිටි වයෝවෘද්ධ කාන්තාවකට එම බස් රියේ වාඩි වී සිටි මැදිවියේ පුද්ගලයකු තම අසුන පරිත්‍යාග කිරීමෙන් පසුව එම කාන්තාව “බොහෝම ස්තූතියි අයියේ” යැයි කීම නිසා එම මැදිවියේ පුද්ගලයා අපහසුතාවයට පත් වූ පුවතක් කන්දඋඩරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
එය කන්දඋඩරට ප්‍රදේශයේ ප්‍රධාන නගරයක සිට කුඩා නගරයක් දක්වා ධාවනය වන කුඩා ප්‍රමාණයේ බස් රථයකි. ප්‍රධාන නගරයේ සිට බස් රථය ධාවනය ආරම්භ කරන අවස්ථාවේම බස් රිය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබිණි.
අතරමඟදී බස් රථයට ඉතා අපහසුවෙන් ගොඩ වූ අසනීප තත්ත්වයෙන් පසුවන වයෝවෘද්ධ කාන්තාවක් බස් රථය තුළ අසුනක් සොයමින් වටපිට බලන අයුරු දුටු ඒ අසල වාඩි වී සිටි මැදිවියේ පුද්ගලයකු, එම කාන්තාවට කතාකර තම අසුන ඇයට ලබාදී මගීන්ගෙන් පිරී තිබූ බස් රථය තුළ ඔහු සිට ගත්තේය.
තමන්ට ලැබුණු අසුනේ වාඩිවන ගමන් කාන්තාව මැදිවියේ මගියාට “බොහෝම ස්තුතියි අයියේ” යැයි කීම නිසා බස් රථයේ සිටි බොහෝ දෙනකු මෙම කාන්තාව සහ මැදිවියේ මගියා දෙස මාරුවෙන් මාරුවට බලන අයුරු දක්නට ලැබුණු අතර, මේ නිසා අසුන ලබා දුන් මගියා අපහසුතාවයට පත්ව සිටින අයුරු ද දක්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
421
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වයසක කතකට අසුන පරිත්‍යාග කළාම ‘අයියා’ වෙලා
de silva Friday, 14 June 2019 06:49 PM
ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නොවේ. වයසක කාන්තාවගේ සමහරවිට වයස නිසා මොලේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති, කොහොම නමුත් එතුමිය ස්තුති කරපු එකත් ලොකු දෙයක් .
ලසන්ත Thursday, 20 June 2019 05:39 AM
අයියේ කියන්නේ වයසටම නොවෙයි. ගරුකිරීමක් හැටියටත් එහෙම කියනවා. වචන භාවිතය අවස්ථාව, පරිසරය, වටපිටාව අනුව වෙනස්වේ
janahitha Thursday, 20 June 2019 03:29 PM
ඇති අන්කල් කිවුවේ නැතිව. හැම එකාම වයස තරාතිරම ගැන නොසිතා අවස්ථාව ගැන නොසිතා සමහර විට වචනයේ තේරුම ගැන වත් නොදැන අන්කල් ඇන්ටි ගානවා.