IMG-LOGO

විද්‍යා ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයෙන් පිළිතුරු ලියා ගුරුවරියට පෙන්වලා

(තිහගොඩ උපසේන ලියනගම)
වයඹ පළාතේ අධ්‍යාපන ආයතනයකි. එහි උසස් පෙළ විද්‍යා අංශයට පසුගියදා ඇතුළත් වූයේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දියණියකි. කලක් විදේශගතව සිටි ඇය මෙරටට පැමිණි පසු මෙම ආයතනයට ඇතුළු වී සති කිහිපයකි.


පන්තියේ කටයුතුවලදී ඉදිරියෙන්ම සිටි ඇයට ගුරුවරුන්ගේ අනුග්‍රහය ලැබුණ ද සෙසු සිසුන් තුළ වූයේ අප්‍රසාදයකි.


පසුගියදා ගුරුවරිය විද්‍යා විෂයට සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් දී පිළිතුරු කඩිනමින් සපයන ලෙස පැවසූ අතර, සිසුන් තම පොත්පත්වල ඒවා සටහන් කරන අතර, මෙම ශිෂ්‍යාව තම නවින ජංගම දුරකථනයේ පිළිතුරු ටයිප් කොට ගුරුවරියට පෙන්වීමෙන් ඇයට තරු පෙනිණි.


පාසලට ජංගම දුරකථන ගෙන ඒම තනම් වූ අතර, ඇය කළ මෙම කාර්යයෙන් දැඩි අපහසුතාවට පත්වූ ගුරුවරිය ඇයට දැඩි සේ අවවාද කොට විදුහල්පතිවරයාටත් මේ ගැන දැන්වුවාලු.



අදහස් (0)

විද්‍යා ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයෙන් පිළිතුරු ලියා ගුරුවරියට පෙන්වලා

පිටබැද්දර ජයා Friday, 17 June 2016 09:00 PM

තාත්තට සල්ලිත් තියෙනවා නම්, පිටරටක ඉගෙනත්ගත්තා නම්, ඉංග්‍රීසි ටිකකුත් පුලුවන් නම් මේ දැරිවියගෙන් මීටවැඩිය වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? කැපීපෙනෙන්න දඟලන චරිතයක් කියලා විතරයි කියන්න තියෙන්නේ (නි)

:       0       0

සෑම් Friday, 17 June 2016 09:29 PM

දියුණු රටවල බාලාංශේ දරුවන්ටත් ටැබ්ලට් එකක් නෝට් බුක් (පරිගණයක්) අනිවාර්යයෙන් ලබා දෙනවා. ඉහළ පන්ති වල සියලු කටයුතු ලැප්ටොප් පරිගණකයේ මිස කඩදාසි වල සටහන් කරන්නේ නැහැ. විශ්ව විද්‍යාල නිබන්ධන පරිගණකයෙන් කරනවා පමණක් නොව ඒවා ඉදිරිපත් කරන්නේද අන්තර්ජාලය හරහා මිසක් ගුරුවරයා මුණ සිලා නොවෙයි. හොඳ වුණත් නරක වුණත් මේ තමයි අධ්‍යාපනයේ අනාගතය (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Sunday, 19 June 2016 09:02 AM

තව අවුරුදු දහයකින් මේ වැඩේ කලා නම් ගුරුවරියට තරු බලන්න ඕන කමක් නැහැ. මේකේ කොමෙන්ට්ස් දාන සමහරු ශ්‍රී ලංකාව, ජපානය හෝ වෙන දියුණු රටවල දරුවන් ටැබ්ලට් එකක් නෝට් බුක් එකක් පාවිච්චි කරන එක ගැන ලියන්නෙත් ඔවුන් පිටරටවලින් මෙහාට සංක්‍රමණය වූ අය නිසා වෙන්න ඇති ! (ර)

:       0       0

තසංක Saturday, 18 June 2016 01:55 PM

අපේ රටේ ක්‍රමයට මේක වැරදි වුණත් සෑම් හරි ! (නි)

:       0       0

මාලක Sunday, 19 June 2016 09:46 AM

සෑම් කියන එක හරියටම හරි. (ර)

:       0       0

නුවන් Saturday, 18 June 2016 03:24 AM

ගෙඩක් අය ජංගම දුරකථනය භාවිතා කළයුත්තේ මොන වෙලාවෙද නොකළයුත්තේ මොන වෙලාවෙද කියලා හරියට තේරුම්ගන්නේ නැහැ (නි)

:       0       0

රුපවතී Monday, 20 June 2016 09:10 AM

සෑම්, කීම සියයට සියයක්ම නිවැරදියි. මගේ දරුවෝත් විදේශයේ පාසල් වලට යන්නේ. අපෙන් පැන්සලක්වත් පාසලට අවශ්‍ය නැහැ. වසරේ දෙවතාවකදී සීත සෘතුවේ සහ සමර් කාලයට යුනිෆෝර්ම් වලට අපි ගෙවිය යුතුයි... අනිකුත් සියලුම විද්‍යුත් උපකරණ ලිපි ද්‍රව්‍ය පාසලෙන් අධ්‍යාපනයට අවශ්‍ය දේ ලබාදෙන්නේ නවීන ක්‍රමයට දියුණු තාක්ෂණයට අනුව. (ර)

:       0       0

නාමල් නිව්යෝක් Sunday, 19 June 2016 04:34 PM

ඇය ජංගම දුරකථනයෙන් පන්ති වෙලාවේ ඕපාදූප, ෆේස්බුක් බලමින් හිටියා නම් එ්ක වැරදියි. නමුත් කර තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමක්නේ. ජපානය, සිංගප්පූරුව, ඇමරිකාව වගේ රටවල බාලාංශ පන්තිවල ළමයිනුත් ටැබ්ලට් පීසී වල මෙය කරනවා. (නි)

:       0       0

අබය Sunday, 19 June 2016 12:21 AM

දේසේ හැටියට බාසේ තියෙන්න ඕනෑ. (නි)

:       0       0

මාලක Monday, 20 June 2016 12:59 AM

නන්දලාල්, ඔබ 'මෙහාට' කියන්නේ ප්‍රංශයටද? (නි)

:       0       0

සාරම් Monday, 20 June 2016 11:02 AM

සෑම් හරි, නමුත් ලංකාවේ බහුතරයකට ඔය පහසුකම් ලැබෙනතුරු හණමිටි අදහස් වලට ඔලුව නමමු. (ර)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 18 June 2016 08:29 AM

මමත් සෑම් සමඟ එකඟයි (නි)

:       0       0

උදය Monday, 20 June 2016 06:37 AM

සෑම් කියනවා වගේ අපිත් නව තාක්ෂණයට යන්න ඕනෑ. මට දුක හිතෙනවා ළමයි පොත් මලු කරේ එල්ලාගෙන යන හැටි දැක්කහම. මට මතකයි මම පොඩිකාලේ කාබන් පෑන් තහනම්. (නි)

:       0       0

හේමන්ත Saturday, 18 June 2016 11:28 AM

දියුණුව ඉතා හොඳ දෙයක් නමුත් අද අලුත් තාක්ෂණය නිසා මහත් විපතක් සිදුවී ඇත. සිංහල හෝ වෙන භාෂාවක් හෝ වේවා, අද ළමයින්ගේ අත් අකුරු ලිවීමේ හැකියාව ඉතාම දුර්වල මට්ටමක පවතී. (ම)

:       0       0

තෙෂාන් Saturday, 18 June 2016 11:30 AM

අද අපේ රටවල වල ළමයි කිලෝ ගණන් බර පොත් බෑග් අරගෙන යන කොට ජපානයේ ළමයි ගෙනියන්නේ, ටැබ් එකෙක් විතරයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 43 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 611 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site