(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
දඹුල්ල ප්‍රදේශයේ ඵක්තරා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු රාත්‍රී කාලයේ නිදිමතේ ගොස් නයෙකුගේ ඇඟට මූත්‍රා කිරීමේ පුවතක් වාර්තාවේ.
කා සමගත් ඉතා සුහදශීලී මෙම ආරක්ෂක නිලධාරියා රාජකාරි කරන දිනවලට ඵහි සේවය කරන සේවකයෝ ඔහුත් සමග කාලය ගත කිරීමට ඇලුම් කරති.
උදේ රාජකාරියට පැමිණෙන සේවකයන්ට සුභ උදෑසනක් කියා සුහදශීලීව පිළිගන්නා මෙම නිලධාරියා අඩි හතර හමාරක් පමණ උස අයෙකු වීමත් ඔහුගේ අහිංසකකම නිසාත් කවුරුත් ඔහුට ආදරය කරති.
දිනක් මෙම නිලධාරියා රාත්‍රී මුර සේවයේ යෙදී සිටි අවස්ථාවක ඔහුට මඳ වේලාවක් නින්ද ගොස් ඇත. පසුව ඇහැරුණු ඔහු කඩිනමින් තම ඉහළ නිලධාරියකු පැමිණෙතැයි බියෙන් ගසක් ළඟට ගොස් මූත්‍රා කර ඇත. ගස ළඟ සිටි නයෙක් මූත්‍රා ඇඟට වැටෙනවාත් සමග ඵක පාරටම අඩියක් පමණ ඉස්සී පෙනය පුප්පා ඇත.
ඵවිටයි ඔහු දැනගෙන තිබෙන්නේ නයකුගේ ඇඟට මූත්‍රා කළ බව. නිදිමතේ සිටි ඔහු ඉක්මනින් පොල්ලක් ගෙන නයා මරන්න සූදානම් වෙනවාත් සමග ඵම ස්ථානයට පැමිණි සේවකයෙකු නයාට පාඩුවේ යෑමට ඉඩ හැර ඇත.
ඔහු රාත්‍රි කාලයේ දී නිදාගන්නා බව සියලු සේවකයන් දන්නා ප්‍රසිද්ධ රහසකි. මේ පිළිබඳව එම ආයතනයේ ප්‍රධානියා පවසා ඇත්තේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා කතාවක් තිබෙන නිසා මින් ඉදිරියට රාජකාරි කරන වේලාවේ නිදා නොගන්නා ලෙසය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රෑ මුර සේවයේදී නයා පෙණය පුප්පයි