දේශපාලන උණුසුම සමඟ පසුගිය දිනක මාවතගම ප‍්‍රදේශයේ සැරිසැරූ මැර කණ්ඩායමක් පිළිබඳ ආරංචියක් පැතිරයාම නිසා ගම්මාන කීපයකම වැසියෝ බියෙන් ඇළලී ගියහ.
තුවක්කු අතැතිව, පොලූ මුගුරු හා වක් පිහියා අතැතිව, කොට කලිසම් හා තොප්පි පැළඳ සිටි මේ දහ පහළොවකින් යුතු කණ්ඩායම ඇතැමෙක් උඩුකය ද නිරුවත්ව සිටි බව ද දුටු අය ගම් වැසියන්ට පවසා තිබිණි. පැයකින් දෙකකින් ගම් 2x3ක මේ පිළිබඳ ආරංචිය පැතිර ගියේය.
විවිධ පක්‍ෂවල දේශපාලනය කරන පිරිස මේ කට කතාව පිළිබඳ ඇතැමෙක් සැක කළහ. බියට හා සැකයට පත්වූ ඔවූහු ඇතැමකු පැවසුවේ මැර කණ්ඩායම් ගම්මානවලට එවා ඇති බවයි. අවසානයේ එක්තරා තරුණයකු මේ මැර කණ්ඩායම පිළිබඳ සොයා බලන්නට යතුරුපැදියකින් එම පිරිස සිටින ආසන්නයට ළඟාවී හිතවතුන්ගෙන් ඒ පිළිබඳ විමසා බැලීමට තීරණය කළේය.
එම ප‍්‍රදේශයේ ඇති පොල්වත්තක පොල් අස්වනු විනාශ කරන රිළව් කණ්ඩායම් එළවීමට එම වතුයායේ මුරකරුවන් පුහුණු කරන වැඩමුළුවකට සහභාගි කළ පිරිසක් එහි සිටි බව පසුව දැන ගන්නට ලැබිණි. කට කතාව පැතිර ඇත්තේ ඔවුන් පිළිබඳව බවත් හෙළිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් එන පොට හොද නෑ කෙල්ල ගෙට ගන් කිව්වලු (බ)
රිලව් එළවන්න එපා උන් අපේ රටට ආවේණික විශේෂයක්. අපේ පැත්තෙ දැන් වඳුරෙක් වත් නෑ. මේ පැත්තෙ ගෑණු දෙන්නෙක් එකහුවෙලා උන්ව එළවනවා. (ම)
සම්පත්, නියම කතාව. කෝ මේ රූපවති නංගි අදහස් දාන්නේ නැද්ද? (නි)
කොහොමත් ඔය කියන කට්ටිය දැකපු ගමන් රිළවු පැනලා යයි (නි)
මම ටිකක් සද්ද නැතුව හිටියේ අපේ පළාතේ නිසයි.කොහෙද මගේ නම අඬගහලා කෑ ගහනවානේ...? සද්දෙට මම බැලුවේ රිළා පැංචෙක් රංචුවෙන් මඟහැරිලාවද්ද කියලා (නි)
මම හිතුවා පරයන් පුහුණුව ලබන කණ්ඩායමක් කියල. මාවතගම තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේද? (බ)
මේ රිලව් එළවීම කෙසේ වෙතත් මේ අය ගමෙන් එලවා දමන්නට ඉක්මනට සුදානම් විය යුතුයි. නැත්නම් ගමේ ඉන්න කෙල්ලන්ගේ ආරක්ෂාවට කුමක්වෙයිද ? (ර)