IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


රිය පුහුණුවට ගිය පුතා තාත්තාටත් තරු පෙන්නලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගමක තරුණ පුත්‍රයකුට පියා උපන්දින තෑග්ගට දුන්නේ අලුත්ම අලුත් රෝද තුනක වාහනයකි. පුතාට එය පදවන්න බලපත්‍රයක් තබා හැකියාවක් ද නැත. මේ නිසා ඉක්මනින්ම රිය පුහුණු පාසලකට ඇතුළත් වූයේ රිය පැදවීමේ පුහුණුව ලබා බලපත්‍රය ගන්නා අදහසිනි. එතෙක් පියා රිය පැදවීය.


යතුරුපැදියේ සිට බස් ලොරි බලපත්‍රය ලබා ගන්නා පුහුණුලාභීන්ගේ පුහුණුවේ පළමු දිනය සාමාන්‍ය පරිදි ගෙවී ගියේය. දෙවැනි දිනයේ න්‍යායාත්මකව මෙන්ම ප්‍රායෝගික පුහුණුවද ලබාදෙනු ලැබීය. වාහනයක් පණගැන්වීමට පෙර කළ යුතු කාර්යයන් පිළිබඳව   මූලික පුහුණුවේදී කියා දුන්නේය. 


සියල්ල සාවධානව අසා සිටි පෙර කී ප්‍රත්‍රයා නිවසට ගියේය. පියා මිලදී ගෙන ආ ත්‍රීරෝද රිය පරීක්ෂා කරන්නට විය. බැටරිය වතුර, රෝදවල වායුව ප්‍රමාණවත් ද යන වග ඇතුළු මූලික කාරණා පිළිවෙළින් පරීක්ෂා කරගෙන යද්දී මේ පුත්‍රයාට එක් ගැටලුවක් ඇතිවිය. 


එන්ජිමේ ඔයිල් ප්‍රමාණය පිළිබඳව මිම්ම පරීක්ෂා කිරීමෙන් පසු ඇන්ජිමේ වතුර දමන සිසිලන පද්ධතිය කොහේදැයි සොයා බැලුවේ සිසිලන පද්ධතියේ නියමිත පරිදි වතුර නොතිබුණහොත් සිදුවන හානිය ගැන දේශකයා කළ දැනුම්වත් වීම හොඳින් ධාරණය කරගෙන සිටි නිසාය. වතුර දමන තැනක් දක්නට නැත. මේ පුත්‍රයා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පෑවේය. වාහනයේ විස්තර සහිත පොත අතට ගෙන මුල සිට අගට මෙන්ම අග සිට මුලටත් පෙරළා බැලීය. ඒ කිසිවකත් සිසිලන පද්ධතියක් ගැන සඳහනක් නොවීය. වහාම දුරකතනය අතට ගත් මේ පුත්‍රයා තම හොඳම මිතුරාට ඇමතුමක්දී තම ප්‍රශ්නය ඉදිරිපත් කළේය.


විහිළුවට මුල් තැන දෙන මිතුරා උපදේශයක් දුන්නේය. ඒ අනුව කළ පරීක්ෂාවේදී එන්ජිමේ වතුර බිඳක්වත් නැති බව මේ පුත්‍රයාට පෙනී ගියේය. ඔහු කරාමය ඇර වතුර පුරවන්ට විය. ලීටර් හත අටක් පමණ ජලය අල්ලන බව ඔහුට පෙනුණි.


සියල්ල අවසන් කළ පුත්‍රයා බලා සිටියේ පියා එන තුරුය. “තාත්තේ ත්‍රීවීල් එකේ වතුර බින්දුවක්වත් තිබුණේ නැහැ. මම වතුර පිරෙව්වා”යි කීවේ උජාරුවෙන්ය. පියාට මහත් ප්‍රශ්නයකි. “කොහාටද වතුර පිරෙව්වේ” පියා ඇසුවේ කිසිත් නොදැනය. පුතා “මෙතනින්” යැයි කියා පෙට්‍රල් ටැංකියේ මූඩිය විවෘත කර පියාට පෙන්වීය. අනේ අපොයි කී පියා පුතු ළඟට කැඳවා මෙසේ සිදුවුණේ කෙසේදැයි විමසීමේදී මිතුරාගේ උපදේශය අනුව එසේ කළ බව පුතා පැවසුවේ හඬමිනි. සියල්ල පුතාට පැහැදිලි කර දුන් පියා පසු දින උදේම කාර්මිකයකු ගෙන්වා පෙට්‍රල් ටැංකියේ වතුර ඉවත් කරන්නට පියවර ගනු ලැබීය.

 



අදහස් (0)

රිය පුහුණුවට ගිය පුතා තාත්තාටත් තරු පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 182 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 693 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site