රුපියල් හතරකට පොල් ගෝනියකින් සංග‍්‍රහයක් ලැබුණ කතාවකි මේ. රතුගම කොළඹ බස් රථයකි. සෙනඟ අඩුක්කු කර මුදල් අය කරමින් සිටි කොන්දොස්තර මහතෙකි. මැදිවියේ කතකි. ළමයෝ මගේ ඉතිරි සල්ලි දෙන්නකෝ තැනකින් ඇසුණි. ඉන්න ඉන්න ආච්චි මං ඔයාගෙ රුපියල් හතර අරගෙන බැහැල යන්නෙ නෑ. මද වේලාවක් ගතවිය. එම දෙබසම ආයෙත් ඇසුණි. කොන්දොස්තර නිහඬය. කළුතරදී බස් රථයෙන් බැසගත් කාන්තාව නැවතත් ඉතිරි මුදල ඉල්ලීය. එවිට කොන්දොස්තර මෙසේ කීවේය. ඉතිරි නෑ.... ගාන හරි රුපියල් හතරකට මැරෙන්න හදනවා.... පරුෂ වචන කීපයක් ද කීවේය. ඒත් සමගම කොන්දොස්තරගේ පිට හරහා අකුණු පහරක් වැදුණි. ඒ විශාල පොල් ගෝනියකි. සිදුවීම දෙස බලා සිටි මගියකු ප‍්‍රහාරය එල්ල කර තිබුණි. ඒත් සමග මෙසේ ඇසුණේය. ඕයි මිනිස්සුන්ගේ ඉතුරු සල්ලිවලට වංචා කරන්න එපා ලබන ආත්මයේදී මේ වගේ බර අදින බූරුවන් වෙලා උපදීවි. මෙහාට දෙනවා මේ අම්මගේ ඉතුරු සල්ලි. රුපියල් හතරට වැඩියෙන් රුපියලක් දී ගණන් බේරා හරි... හරි යාං... කියමින් කොන්දොස්තර බස් රථයේ පාපුවරුවට ගොඩවූයේය. බසය කොළඹ දෙසට ඇදුනි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.