IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


රජ පෙළපතේ ආරක්ෂකයාගේ උගුලේ ‘මැඩම් කුස්සිඅම්මා’ හිරවෙලා

අවුරුදු පනස් පහක් වයසැති කුස්සි අම්මා සේවය කළේ විදේශිකයකුගේ නිවසේය. ඇය සේවයට පැමිණෙන්නේ යතුරුපැදියෙනි. අලුතින් පැමිණි ආරක්ෂක නිලධාරියා ඇමතූ ඇය ‘‘එස්.ඕ. වැරැද්දක් කළොත් මට පුළුවන් ඔයාව අස් කරන්න’’ යැයි කීවාය. ‘‘තේරුණා මිස්’’ ආරක්ෂක නිලධාරියා කීය. ‘‘මිස් නෙවෙයි මට මැඩම් කියන්න’’ ඇය පැවසුවාය. ආරක්ෂක නිලධාරියා සිනහව නවතා, ‘‘එසේය මැඩම්’’ යැයි පැවසීය. ‘‘එසේය කිව්වේ’’ ඇය විමසූ අතර ‘‘එසේය කීවේ ඔව් කියන එකටයි මැඩම්. අපේ පරම්පරාවත් රජ පරම්පරාවක්. රාජසිංහ රජ්ජුරුවොත් අපේ නෑයෙක්. මගේ වාසගමත් රාජසිංහ’’ ඔහු ඇද බෑවේ කෙප්පයකි.


මෙසේ මාසයක් ගතවිය. දිනපතා හිස් අතින් පැමිණෙන කුස්සි අම්මා මලු පුරවාගෙන ආපසු යෑම ආරක්ෂක නිලධාරියාට ගැටලුවකි. දිනක් ඇය මලු දෙක පුරවාගෙන යතුරු පැදිය අසලට පැමිණියාය. දුරකතන ඇමැතුමක් ලද ඇය මලු දෙක  බිම  තබා නිවස තුළට පිවිසියාය.


ආරක්ෂක නිලධාරියා ක්ෂණිකව මලු දෙක පරීක්ෂා කළවිට දුටුවේ කිරිපිටි, සීනි, සහල්, බටර් යනාදිය එහි ඇති බවය. හෙතෙම තම ස්මාර්ට් දුරකතනයෙන් ඒවා ඡායාරූප ගත කළේය. ඇය පැමිණ මලුද රැගෙන පිටව ගියාය. ආරක්ෂක නිලධාරියා තම ප්‍රධානියාට ඡායාරූප ‘වට්ස් ඇප්’ කළේය. ප්‍රධානියා විදේශිකයා දැනුවත් කළ අතර ඔහු ආරක්ෂක නිලධාරියාට ස්තුති කර කුස්සි අම්මා නැවත මලු රැගෙන යනවිට තමාට දන්වන්නැයි පැවසීය. පසු දිනද කුස්සි අම්මා මලු දෙක පුරවාගෙන පැමිණියාය.‘‘මිස් මොනාද මේ?’’ ආරක්ෂක නිලධාරියා විමසීය.


‘‘තමුසෙ මට මිස් කිව්වා නේද හෙට තමුසෙව අස් කරනවා’’ ඇය කෝපයෙන් පැවසුවාය. ‘‘ඒවා හඳේ’’ යැයි පැවසූ ආරක්ෂක නිලධාරියා විදේශිකයා ඉදිරියේ මළු පරීක්ෂා කළේය. විදේශීය මත්පැන්, දුම්වැටි, පැස්ටා පැකට් මලු තුළ විය. කොළඹ නගරයේ සිදුවූවකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය. 

 



අදහස් (0)

රජ පෙළපතේ ආරක්ෂකයාගේ උගුලේ ‘මැඩම් කුස්සිඅම්මා’ හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 445 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2205 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site