IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මරණයට කැපවී සිටි එළදෙන බලෙන්ම ලොරියට නැඟලා

පෝයදා නිදහස් කිරීමේ අරමුණින් මස් මඩුවකදී ගවයකු තෝරද්දී පසෙක සිටි එළදෙනක් ලණුවත් කඩාගෙන ලොරියට නැඟීම නිසා අවසානයේ එම එළදෙන ඒමට සිදුවූ පුවතකි මේ. දනට පිනට ලැදි අයකු ගමේ විහාරාධිපති හිමි හමුවී පවසා සිටියේ තමන්ට පෝයදා ගවයෙක් මුදාහැරීමට අවශ්‍ය බවයි. එම උතුම් ක‍්‍රියාව අගේ කළ ඒ හිමියෝ ගව ගාලට යාමට පැමිණෙන බවද පැවසූහ. ඒ අනුව විහාරාධිපති හිමි සමග කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ගවගාලකට ගිය ඔහු මරණයට කැපවී සිටි ගවයන් අතරින් බේරාගත යුත්තේ කවර ගවයාදැයි  පිරික්සන්නට විය. මෙම ගවයන් අතරින් එකතු තෝරා ගැනීමට උත්සාහ දරද්දී අසල සිටි එළදෙනක් බැඳ සිටි ලණුවත් කඩාගෙන පැමිණ ලොරිය ළඟ නැවතී එයට නගින්නට උත්සා දරනු දැකගත හැකිවිය. සේවකයා එම එළදෙන මෙල්ල කරගන්නට ගත් උත්සාහය සපලවූයේ නැත. එළදෙනගේ කෑගැසීම හා හැසිරීම වටහාගත් විහාරාධිපති හිමියෝ කීයක් හරි වැඩිපුර දෙන්නම් මේ සතා ලොරියට පටවන්න කීහ. මරණින් මුදාගැනීමට ගවයකු තෝරාගැනීමට ගිය පිරිසට සිදුවූයේ මුදල් ගෙවූ ගවයා ගාලේ තබා සිය කැමැත්තෙන්ම ලොරියට නැගුණු එළදෙන විහාරස්ථානයට රැගෙන ඒමටය. සතෙක් වුණත් මරණයෙන් මිදෙන්නට දරන උත්සාහය කොපමණදැයි මේ සිද්ධියෙන් මිනිසුන්ට තේරුම්ගත හැකියැයි ඒ හිමියෝ පන්සලේදී බණට කීහ.



අදහස් (0)

මරණයට කැපවී සිටි එළදෙන බලෙන්ම ලොරියට නැඟලා

වසන්ත නාත් පතිරත්න බිබිල Thursday, 17 November 2011 12:04 PM

අනේ අපේ හාමුදුරුවනේ ‍මෙය මොන තරමි පිනක්ද ගව ඝාතනය වලක්වන්න අපිසැම පෙල ගැසෙමු බිබිල පිටකුඹුරෙන් මම ඉන්නවා

:       0       0

අනුෂිකා ශිමාණි Friday, 18 November 2011 09:39 AM

ගව ඝාතනය අපි කොහොම හරි නවත්වමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 543 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site