රාත්‍රී ආහාරය ලබාගැනීම සඳහා තරුණයෙකු හෝටලයකට ගොඩවිය. “මොනාද ඕනේ” වේටර් විමසීය. “මට චිකන් කොත්තු එකක්” තරුණයා පැවැසීය.

වේටර් චිකන් කොත්තුව ඕඩර් කර තවත් මේසයක සිටි අයෙකුගේ අවශ්‍යතාව සොයා බැලීය. චිකන් කොත්තුව අනුභව කළ තරුණයා, “මට ටී එකක් දෙන්නැයි” පැවැසීය.
තේ බොන අතරතුර රුපියල් දෙසිය පනහක බිලක් ඔහුට ලැබිණි. තරුණයා වේටර්ට රුපියල් දහසක නෝට්ටුවක් දුන් අතර අනෙක් මේසයේ සිටි තැනැත්තා තම බිලට රුපියල් පන්සීයක නෝට්ටුවක් ලබා දී කැෂියර් කූඩුව අසලට පැමිණියේය.
ඉතිරි මුදල් ලබාගත් ඔහු එතැනින් පිටව ගියේය. තරුණයාට ඉතිරි මුදල වශයෙන් රුපියල් දෙසිය පනහක් ලැබිණි. “මම දුන්නේ රුපියල් දාහක් නේ. මොකද මේ රුපියල් පන්සීයක ඉතිරි දෙන්නේ” හෙතෙම විමසීය. මහත්තයා දුන්නේ රුපියල් පන්සීයනේ වේටර් කීය.
මුදලාලි ඇමතු තරුණයා, “මම දුන්නේ රුපියල් දාහක්. බොරුනම් සීසීටීවී එකෙන් බලන්න” ඔහු පැවැසීය. සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී තරුණයා රුපියල් දහසක් ලබාදී ඇති බව තහවුරු විය.
“තමුසේ රුපියල් පන්සීය දුන්න මනුස්සයාට දාහක ඉතිරි සල්ලි දීලා. තමුසෙගෙ පඩියෙන් පන්සීයක් කපනවා” මුදලාලි පැවැසීය. ඉතිරි රුපියල් පන්සීය තරුණයාට ලබාදීමට ඔහු කටයුතු කළේය. බොරැල්ල නගරයේදී සිදු වූවකි.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ පටලැවිල්ල? 500 දුන්න කෙනා සල්ලි දුන්නේ කැෂියර්ට. 1000 දුන්නේ වේටර්ට. බිල බලලා ඉතුරු සල්ලි දෙන්නේ කැෂියර්නේ. වේටර් කරන්නේ ඒ දෙන සල්ලි ගෙනෙල්ලා දෙන එක. එතකොට කවුද වැරැද්ද කරේ?