IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මංගල සාදයේදී පදමට වැදිලා මිතුරන්ට අපූරු දඬුවමක් දීලා

මංගල සාදයකදී පමණ ඉක්මවා මධුවිත පානය කර බස්රථයකදී සිදුවූ අකර තැබ්බයක් කුඩලිගම ප්‍රදේශයෙන් වාර්තා විය.


 වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු කාර්යාල සේවකයෙකි. තරබාරු සමාජශීලී පුද්ගලයකු වූ ඔහු මත්පැන් බීමට ගිජුකමක් දැක්වීය.


කාර්යාලයේ මිතුරෙකුගේ විවාහ මංගල ආරාධනා පත්‍රයක් ඔහුට ද ලැබුණි. මංගල උත්සවයේ ආරාධනා පත් ලැබී තිබුණේ කාර්යාලයේ කීප දෙනකුට පමණි.
ඒ නිසා කුලියට වාහනයක් රැගෙන යාමට විශාල මුදලක් වැයවන නිසා මිතුරන් පිරිස යෝජනා කළේ පොදු ප්‍රවාහන සේවයක යාමටය.


කතා නායක මිතුරා යෝජනා කළේ අපි බස් එකේ යන නිසා වැඩිය බොන්න හොඳ නෑ හීනියට දෙකක් දාගෙන බත් ටිකක් කාලා ඉක්මනින් එමු කියාය. අනෙක් මිතුරන්ද එම යෝජනාවට කැමති විය.


මනමාල මිතුරා දුර බැහැරින් පැමිණි මිතුරන් පිරිස ඉහළින් පිළිගත්තේය. උත්සවයේ සංග්‍රහ කටයුතු කරන අයෙකුට පැවරුවේ ඉතා ඉහළින්ම මිතුරන්ට සලකන ලෙසය.
ඉස්තරම් වර්ගයේ බීම ජාති හා විවිධ වර්ගයේ කටගැස්මවල් මේසයට ආවේය. අපේ මිතුරාට ඉහිලුම් නැතිවිය. බෝතල් එක දෙක හිස් විය.


 අද බං උඹ එද්දි කිව්වේ වැඩියේ බොන්නේ නෑ කියලා නේද දැන් බෝතලයකට වඩා උඹ බීලානේ. හරි හරි බං දෙන ගානට හරියන්න කන්න බොන්න එපායැ. 


මිතුරන්ගේ පෙරැත්ත නිසාම කෑම මේසයට ආවත් බෙදාගත් බත් පිඟාන අතපත ගා පැත්තකින් තැබුවේය. තෑගි බෝගද මිතුරාට දී බස්රථයකට නැගුණු පිරිස තැන තැන තිබූ හිස් අසුන්වල ඉඳගත්තේ නිවෙස බලා ඒම සඳහාය. මද දුරක් ගිය බස්රථය නැවැත්වූවේ බස්රථයේ සිටි මගීන්ගේ කෑ ගැසීම නිසාය. 


පදම වැඩිවූ මිතුරාට නින්දගොස් බසයේ අසුනක් යට සිරවී සිටියේය. ඔහු එළියට ගැනීමට මහත් වෙහෙසක් ගැනීමට සිදුවූයේ තරබාරු අයකු නිසාය. මිතුරන් පිරිස ඔහු ත්‍රිරෝද රථයක දමාගෙන නිවසට ඇරලුවේ ලුණු ඇඹුල් ඇතිව දෙසා බාමිනි.


 සමන් කුමාර 

 



අදහස් (0)

මංගල සාදයේදී පදමට වැදිලා මිතුරන්ට අපූරු දඬුවමක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 391 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 443 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site