(කරන්දෙණිය -
එම්. සුසිල් ප්‍රියන්ත)
මැස්සෙක්වත් වසා නැතැයි කී මඟුල් කතාවකින් මඟුලක් අවමඟුලක්වීමට ගිය අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.
නගරයට ඉතාමත් දුරින් පිහිටි ගමකි. මේ ගමේ එක් තරුණියකට මනාලයෙක් හම්බවුණේ ද සැතපුම් සිය ගණනක් දුරින් තවත් දුෂ්කර ගමකින්ය. ළඟපාතකින් ඇයට මනාලයකු හොයා ගැනීමට දුෂ්කරවූයේ ඇයගේ යහපත් කල්ක්‍රියාවට පින් සිදුවෙන්නටය. ඒ ඇය කොල්ලෙක් පෙන්නන්න බැරි තරමටම සංවර වූ නිසාය.
ඇයගේ මවුපියන් ඇතුළු ඥාතීන් වඩාත් දුරින් ඇයට සහකරුවකු සෙව්වේ ඒ නිසාය. ඇයගේ විවාහ මංගල උත්සවය ජයටම ගත්තේය. අවසානයේදී පැමිණියේ මංගල කතාවය. ඒ ඇය මනාලයා කැන්දන් යාමට පෙර හෝරාවකට දෙකකට කලින්ය.
මනාලියගේ මාමා කෙනකු ඇයගේ පාර්ශ්වය වෙනුවෙන් කතාවක් කරමින් සිටියේය. තමන්ගේ ලේලිය ඉතා චරිතවත් කෙනෙකු බව මනාලයාගේ පාර්ශ්වයේ අයට ඒත්තු ගැන්වීමට ඔහු සිය ලේලියගේ ඇගේ මැස්සෙක්වත් වසා නැති බව කීවේය. ඒ සමඟම මනාලිය ගැන හොඳින්දත් ඇයගේ පාර්ශ්වයේ තවත් වැඩිහිටි ඥාතියකුට මෙය ඇසුණේය. ඔහු වෙරිමරගාතේ ඉතා උස්හඬින් හැමෝටම ඇසෙන සේ ඔව් ඔව් මේ කෙල්ලගේ ඇගේ මැස්සෝ නම් වැහුවේ නැහැ. හැබැයි කොල්ලෝ නම් වැහුවායැයි කීවේය. මේ සමඟම මනාලියගේ නෑදෑයන්ට දවල් තරු පෙනුණේය. ඇයගේ පියා සහෝදරයින් මේ කතාව කියූ තැනැත්තාට පහර දෙන්නට පැන්නේ මුළු මඟුලම එකම ගාලගෝට්ටියක් බවට පත්කරවමිනි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නෑයාගේ කතාවෙන් මනාලියගේ පවුලට තරු පෙනිලා