රුපියල් දස ලක්ෂයක වාසනාවක් තිබෙනවා කියා රුපියල් දහ දහසක් ඊසි කෑස් කරන ලෙසට දුරකතන ඇමතුමක් ලැබී ක්‍රියාත්මක වුණු පුද්ගලයකුට එම ඊසි කෑෂ් කළ මුදල අහිමි වුණු සිද්ධියක් මහවෙල පොලිස් වසමට අයත් කොහොලන්වෙල ගමෙන් වාර්තා විය.
මොහු යුද හමුදාවේ සේවය කරන වඩු කාර්මිකයෙකි. ඔහු පවසන අන්දමට රුපියල් ලක්ෂ 10ක වාසනාවක් තිබෙන බවට දුරකතන ඇමතුමක් ලැබී ඇත. එම වාසනාවන්තයා වීමට අංකයක් සඳහන් කර රුපියල් 10,000ක් ඊසි කෑෂ් කරන ලෙස ද දුරකතන ඇමැතුමෙන් ඔහුට දැනුම් දී තිබේ.
උදාවුණු වාසනාව ලබා ගැනීමේ කලබලයෙන් මේ වගක් කිසිවකුට හෝ පවසන්නේ නැතුව දුරකතන පණිවිඩයෙන් දැනුම් දුන් අන්දමට මොහු රුපියල් 10,000ක් ඊසි කෑෂ් කර තිබේ. පැය කීපයකින් අනතුරුව තවත් රුපියල් 10,000ක් එම අංකයට ඊසී කෑෂ් කරන ලෙස දුරකතන ඇමතුමක් ලැබී ඇත.
මේ ගැන ඔහු තම සහෝදරයකුට දැනුම් දී විමසීමක් ද කර ඇත. පසුව ඒ පිළිබඳව කිසිම සම්බන්ධතාවක් සිදු වී නැත. ඔහු මුලා වී කිසියම් මුදල් වංචාවකට ගොදුරු වී ඇති බව මේ පිළිබඳව විපරම් කරද්දී හෙළි වී මේ ගැන මහවෙල පොලිසියට පැමිණිලි කර ඇත.
මේ පැමිණිල්ල ගැන සඳහන් කරමින් මාතලේ සහකාර පොලිස් අධිකාරි නොයෙල් ජනත් වීරසිංහ මහතා කියා සිටියේ මෙවැනි සංවිධානාත්මක මුදල් වංචා රට පුරා ක්‍රියාත්මක වන බැවින් ජනතාව අවධියෙන් සිටින ලෙසයි.
(මාතලේ - ඇම්.ඩබ්ලිව්. සෝමරත්න)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දස ලක්ෂයක වාසනාවට මුලාවී දසදහසක් පාඩු කරගෙන
පිටබැද්දර ජයා Thursday, 29 September 2016 03:47 AM
මදැයි හමුදාවේ වෙලත් වාසනාව අවාසනාව අඳුනගන්න බැරි වුණානේ (ම)