IMG-LOGO

දෑවැද්දට ගෑස් සිලින්ඩරයකුත් දීලා

(උණවටුන ඩී.ජී.සුගතපාල)
දකුණු පළාතේ ප්‍රධාන නගරයක හෝටලයක පැවැති මංගල උත්සවයකි. මනාලයා දකුණු පළාතේ විදුහල්පතිවරයකුගේ පුතෙකි. අධ්‍යාපනයට සම්බන්ධ ඉහළ පුටු මෙන්ම තවත් ඉහළ තනතුරු රැසක්ද මෙම මංගල උත්සවයට පැමිණ සිටියහ. මධු සමය ගතකර නව යුවල හෝටලයේ උත්සවශාලාවට ළඟා වූයේ සිනහා මුසු මුහුණෙනි. 


දෙපාර්ශවයේ නෑදෑයෝ එකිනෙකා හඳුනා ගනිමින් අල්ලාප සල්ලාපයේ යෙදුණ අතර තවත් තැනක මධුවිත ද සූදානම් විය. මධුවිත ද මිල ඉහළ වර්ගයේ ඒවා වූ අතර තරු පන්තියේ නිලධාරීන්ට එක් ස්ථානයක ද අනෙක් නැදෑ මිතුරන්ට තවත් ස්ථානයකද මධුවිත සූදානම් කර තිබිණ. 


දිවා ආහාරයෙන් පසුව මංගල උත්සව සභාව ආරම්භ විය. දෙපාර්ශවයම කථිකයෝ මනාලයාගේ සහ පවුලේ අයගේත් මනාලියගේ සහ පවුලේ අයගේත් බල පුළුවන්කාරකම් ගැනද වත් පොහොසත්කම් ගැනද මහත් උජාරුවට කතා කළහ. ඉන් පසුව එළැඹියේ මනාලියගේ පාර්ශවයෙන් ගෙනෙන ලද දෑවැද්ද මනාලයාගේ පාර්ශවට බාර දීමය. 


ඒ අනුව ලොරියක ගෙනැවිත් තිබූ ඇඳ පුටු මේස, අල්මාරිය ඇතුළු භාණ්ඩ රැසක් අතර තවත් එක් සුවිශේෂි දෑවැදි භාණ්ඩයක් ද විය. කාගේත් අවධානය යොමු වූයේ ඒ දෙසටය. මනාලියගේ පාර්ශවයෙන් පැමිණි ඥාතියෙක් ලොරියට ගොඩවී ගෑස් සිලින්ඩරයක් ගත්තේය. 


මේන්න නියම දෑවැද්ද කියමින් එහි සිටි අයෙක් මහ හඬින් කීවේය. ඕකේ ගෑස් තියෙනවද බලන්න. දැන් කොහේවත් ගෑස් නැහැ. මධුවිත තරමක් වැඩිපුරගෙන සිටි අයෙක් කෑ ගැසුවේය. සියල්ලෝම සිනා සෙන්නට වූහ. එහෙත් මනාලිය මුහුණ ඇඹුල්කරගෙන ඉවත බලා ගත්තේය.



අදහස් (0)

දෑවැද්දට ගෑස් සිලින්ඩරයකුත් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site