IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුරකථනයේ දමා තිබු හැඳුනුම්පත පෙන්වා ඡන්දය දාන්න ගිහින්

නවීන පන්නයේ ජංගම දුරකථනයේ ගබඩාකර ගෙන තිබූ සිය ජාතික හැඳුනුම්පතේ දෙපස ඡායාරූප පෙන්වා තම න්දය දැමීමට අවසර පැතූ තරුණියකට ඒ සඳහා ඡන්ද පොළ නිලධාරීන්ගෙන් අවසර නොලැබීම නිසා බලාපොරොත්තු සුන්කරගෙන ඡන්දපොළෙන් පිටව යාමට සිදුවීමේ පුවතක් කොළඹ දිසාවේ ඡන්ද පොළකින් අසන්නට ලැබිණ.

නවීන පන්නයේ විලාසිතාවන්ගෙන් සැරැුසී ඡුන්ද පොළ වෙත කඩිමුඩියේ පැමිණි තරුණිය සිය නිල ඡුන්ද දැන්වීම්පත නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

එවිට ඔවුන් ඇයගෙන් හැඳුනුම්පත ඉල්ලූ විට හැඳුනුම්පත නැතිවී ඇති බැව් පවසා නැතිවීමට පෙර තම ජංගම දුරකථනයේ ගබඩා කරගත් එහි දෙපස ඡායාරූප පෙන්වා ඡන්දය දැමීමට අවසර පතා ඇත.

නීතිය අනුව එයට අවසර දිය නොහැකි බව නිලධාරීන් පැවසීමෙන් පසු තරුණිය ඡන්ද පොළෙන් පිටව ගොස් ඇත.



අදහස් (0)

දුරකථනයේ දමා තිබු හැඳුනුම්පත පෙන්වා ඡන්දය දාන්න ගිහින්

ආනන්ද ආර් Friday, 21 August 2015 03:40 AM

දුරකථනය අරන් ජන්දෙ දාන්න ගිය තරුණිය ගැනත් මනෝරි ගැනත් කනගාටු වෙනවා ඇරෙන්න මොනවා කරන්නද? (ම)

:       0       0

අජිත් Thursday, 20 August 2015 03:46 PM

ගොඩක් අය හිතාගෙන ඉන්නේ දුරකථනයෙන් හැමදේම කරන්න පුලුවන් කියලා (නි)

:       0       0

කමල් Monday, 24 August 2015 03:19 AM

හැඳුනුම් පත මොකටද ඡන්දෙට?(නදී)

:       0       0

ජගත් දේ සිල්වා Friday, 21 August 2015 09:15 AM

ඡන්දෙට හැඳුනුම්පතක් අනිවාර්යයි (ම)

:       0       0

නුවන් Friday, 21 August 2015 05:20 AM

මනෝරි, ඔබ මනෝ වෛද්‍යවරයෙකු හමුවන්න (නි)

:       0       0

මනෝරි Thursday, 20 August 2015 10:44 AM

ඡන්දෙ දාන්න හැඳුනුම්පත අනිවාර්යයි කියලා නැහැනේ. මට පෙනෙන්නේ නවීන විලාසිතාවලට ඉරිසියා කරන රජයේ සේවකයෝ ටිකට පොඩි අමාරුවක් ඇවිල්ල වගේ.(නදී)

:       0       0

මහසෙන් Thursday, 20 August 2015 08:06 PM

නියම දෙයියෝ සාක්කි කතාවක්! (නි)

:       0       0

ලලිත් Friday, 21 August 2015 10:13 PM

අපේ රටේ තිබෙන පසුගාමී තත්වය මේ පෙන්වන්නේ.මුළු ලෝකෙම දැන් විද්‍යුත් හැඳුනුම්පත් පිළිගන්නවා. අපිට ලොකු දේවල් කරන්න ඕනෑ නම් මීට වඩා වෙනස් වෙන්න වෙනවා. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 20 August 2015 11:13 AM

මනෝ ඔයා කොමද එහෙම කියන්නේ අනිවාර්යෙන් හැදුනුම්පත අවශ්‍යයි නැත්නම් හොර ඡන්ද දාවි (බ)

:       0       0

ප්‍රියන්ත හේරත් Sunday, 23 August 2015 01:54 PM

මේ වගේ මෝඩ රැලක් සිටින රටක මීට වඩා ලොකු ඡන්ද ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නදී)

:       0       0

චතුර Thursday, 20 August 2015 11:59 AM

මනෝරි ඔබේ නොදැනුවත්කම හා මෝඩකම පිළීබඳව මම කණගාටු වෙනවා. රජයේ සේවකයෝ හරියට මෙතනදි රාජකාරිය කරල තියෙනවා. ජන්දය දාන්න අනිවාර්යෙන්අවශ්‍ය හැඳුනුම්පත් වර්ග මොනවද කියලා ජන්ද කාඩ්පතේ පිටුපස පැහැදිලිව සඳහන් කරල තියෙනවා. ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගුවන් ගමන් බලපත්‍රය, විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, මැතිවරණ දිනයට පමණක් වලංගු වන පරිදි නිකුත් කෙරෙන තාවකාලික හැඳුනුම්පත යන ඒවායින් එකක් අනිවාර්යෙන්ම ජන්ද දායකයා ඉදිරිපත් කළ යුතුමයි. ජන්ද කාඩ්පත නොමැති වුවත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කරන ජන්ද නාම ලේඛණයේ ලියාපදිංචි අයෙකුට ජන්දය භාවිතා කිරීම සඳහා නිලධාරින්ට ඉඩ ලබාදිය හැකියි. නමුත් වලංගු හැඳුනුම්පතක් නැතිව ජන්දය දීමට ඉඩදීමට කිසිම නිලධාරියෙකුට බලයක් නැහැ. ජන්දය දීමට සුදුසුද නුසුදුසුද යන්න තීරණය කරන්නේ පවත්නා නීති රාමුවට අනුව මිසක් කාගේවත් පෙනුම ‍හෝ කරන විලාසිතා අනුව නොවේ. මේ සඳහා රජයේ සේවකයන්ම යොදා ගැනෙන්නේ ඔවුන් වගකීම් සහගතව මේ රාජකාරිය ඉටු කිරීමට සියලු නීති රීතිවලින් බැඳී සිටින නිසාවෙනි. (අ)

:       0       0

නලීන් Friday, 21 August 2015 12:10 PM

මනෝරි දඹානේද? ඔච්චර තරහ ගන්නේ ඇයි? මෝඩකම ගැන දුකයි (නි)

:       0       0

අනුර Saturday, 22 August 2015 05:05 PM

පාස්පෝර්ට් එකෙන් ඡන්දේ දාන්න පුළුවන් නේද? (නි)

:       0       0

ඉමේෂ් Friday, 21 August 2015 06:41 AM

යල් පැනගිය නීති අද කාලයට ගැලපෙන ලෙස අලුත් කල යුතුයි. හැඳුනුම් පත ඉල්ලුවේ ස්කෑන් කරන්න නෙමෙයි නම් පින්තුරේ හොඳට තියෙනවා නම් අැයි පිළිගන්න බැරි? (නදී)

:       0       0

සමන්ති Thursday, 20 August 2015 12:58 PM

මනෝරි, ඡන්දෙට හැඳුනුම්පතක් අනිවාර්යයි.නමුත් ඇඳුම් නම් අනිවාර්ය නැහැ. (අ)

:       0       0

ගීතලතා Saturday, 22 August 2015 04:11 AM

මනෝරි නංගි, ගම ගාල්ලේ ද?? (නි)

:       0       0

සොනාලි Sunday, 23 August 2015 03:26 AM

ගාල්ලේ නෙමෙයි බෙලිඅත්තේ (ම)

:       0       0

ඉනෝකා Friday, 21 August 2015 07:30 AM

දැන් නවීන තාක්ෂණයෙන්, ඉලෙක්ට්‍රොනික් බෝඩින් පාස් දුරකථනයෙන් පෙන්වා ගුවන් යානාවල ගමන් කරන්නට මගීන්ට හැකියාව තිබේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13265 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site