
තරුණයෙක් ග්‍රාම නිලධාරියා හමුවූයේ හඳුනුම්පතක් ලබා ගැනීමටය. එහිදී පෝරමයක් ලැබුණු අතර එය පුරවා මුද්දර ප්‍රමාණයේ ඡායාරූප තුනක් සමග භාරදෙන ලෙස ග්‍රාම නිලධාරීවරයා පැවසීය. තරුණයා ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූපය ලබාගෙන පුරවන ලද පෝරමයත් ඡායාරූපත් ග්‍රාම නිලධාරියාට බාර කළේය. සති කිහිපයක් ගතවිය. හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරියා හමුවූ තරුණයාට දැක ගැනීමට ලැබුණේ ඡායාරූප ප්‍රතික්ෂේප වී ඇති බවය. හේතුව එහි පසුබිමේ නිල් පැහැයෙන් නොමැති වීමය. වහා ඡායාරූප ශාලාවට ගිය තරුණයා අයියා මේ ෆොටෝ භාර ගන්න බැහැලු යැයි පැවසීය. ඔයා කොහොමද එහෙම කියන්නේ මම කොච්චර ෆොටෝ ගහල තියෙනවද? හෙතෙම කීය. ග්‍රාම නිලධාරියාට දුරකතන ඇමතුමක් දුන් තරුණයා මේ ෆොටෝස් රිජෙක්ට් උනේ ඇයි කියලා මෙයාට කියන්නැයි පැවසීය. දුකරතනය ඡායාරූප ශිල්පියාට ලැබිණි. මම මීට කලිනුත් ෆොටෝ ගහලා තියෙනවානේ. ඔහු වාද කරන්නට විය. විනාඩි කිහිපයකින් ඔහුගේ මුහුණ රතු විය. ඔහු නැවත තරුණයාගේ ඡායාරූප ගැනීමට කටයුතු කළේය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.