(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නිවස මිලදී ගන්නා අයට අසල්වාසීන් ඇසුරු නොකරන ලෙසට නිවෙස් හිමියා කළ දැනුම් දීමක් නිසා ගැනුම්කරු නිවස මිලදී ගැනීම අතහැර දැමීමෙන් පසු නිවස විකුණා ගැනීමට නොහැකිව ළතැවෙන ව්‍යාපාරිකයකු පිළිබඳව බටහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.

මිල මුදල් යහමින් තිබූ නූතන යුගයේ මට්ටකුණ්ඩලී කෙනෙකි. නිවාස දෙක තුනක් ද ඔහු සතුව තිබිණි. ඔහු කිසිදා කිසිවෙකුට මිල මුදලින් තබා වචනයකින්වත් උදව්වක් කළ අයකු ද නොවීය. කාලය ගත වෙද්දී ව්‍යාපාර බංකොළොත් වූයේය. පදිංචි නිවස ණයකට සින්න වීමට ආසන්නය. ව්‍යාපාරය ටිකෙන් ටික ඇද වැටෙද්දී ඇතිවූ ගැටලු විසඳා ගැනීම සඳහා එක් නිවසක් විකිණීමට ඔහු පියවර ගනු ලැබීය.
ගැනුම්කරුවෙකු ආයේය. මිල ගණන් කතා කෙරිණි. ඔප්පු ලිවීමට දිනයක් ද තීරණය විය. ඒ අනුව නියමිත දිනයේ දෙපක්ෂය නොතාරිස්වරයකු හමුවූයේ කලින් කතා කරගත් පරිදිය.
මහත්තයා මගේ ගේ ගත්තට කමක් නැහැ. අහල පහළ අසමජ්ජාති එවුන් එහෙම ආශ්‍රයට ගන්න එපා. මගෙ ගෙයි ඔවුන් පස් පාගනවාට මම නම් කැමැති නැහැ. අපි දෙගෙල්ලො විතරක් ආශ්‍රය කරගෙන ඉඳිමු. ව්‍යාපාරිකයා ගැනුම්කරුට වාචික කොන්දේසියක් දැමීය.
කවදත් සමාජමය ඇසුරකට යොමුවී සිටි ගැනුම්කරු මේ කතාවෙන් වික්ෂිප්ත වූයේය. බිරිය සමග ඒ ගැන රහසින් කතා බහ කළේය. අනතුරුව ව්‍යාපාරිකයා ඇමතීය. මගේ සල්ලී දීලා ගේ ගන්නේ මට අවශ්‍ය විදියට තියාගන්න මිසක් මහත්තයට ඕන දේවල් කරන්න නොවෙයි. ඒ නිසා ඒකට ගැළපෙන කෙනෙක් හොයා ගෙන බිස්නස් එක කරගන්න. මම වෙන ගෙයක් හොයා ගන්නම් කියා පිටව යද්දී ව්‍යාපාරිකයා පිංසෙණ්ඩු වන්නට ගත්තත් කිසිවක් නොඇසුණු අන්දමින් ගැනුම්කරු ආපසු ගියේය.
COMMENTS
මට්ටකුණ්ඩලී කියන්නේ අසරණ වූ තරුණයෙක්. ඔහුගේ පියා වූ අදින්න පුබ්බකගේ මසුරුකම නිසා තමයි මට්ට කුණ්ඩලී විපතට පත් වුනේ. මෙතන යොදා ගෙන තිබෙන උපමාවම වැරදියි. ඒ වගේම මේ නිවස ගන්න නැත්තේ ඇසුරු කරන්න හොඳ නෑ කියන අසල්වැසියෝ ඉන්නවා කියන සැකය මත.