(තිහගොඩ - උපසේන ලියනගම)
දකුණු පළාතේ උප නගරයක කඩ කාමරයක් වසරකට බදු ගත් විවාහක යුවළක් එහි සපත්තු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළත්, එය සාර්ථක වූයේ නැත. මේ නිසා කොළඹ පදිංචිව සිටි කඩ කාමර හිමියාට මේ බව දන්වා ව්‍යාපාරය වසා දැමීමට ඔවුහු තීරණය කළහ.
ඔහු පැමිණි පසු වසරක් සඳහා බදු ගත්ත ද, දැනට මාස හයක් පමණක් ගතව ඇති බව කියා බදු මුදලින් කොටසක් ආපසු ඉල්ලුව ද ඊට කඩ හිමියා එකඟ නොවූයෙන් මතභේද ඇති වී පසුව ගැටුමක් දක්වා දුරදිග ගියේය.
එන හැඩ හොඳ නැති බව පෙනුන නිසා බදුකරුවන් කඩ කාමරයෙන් ඉවත්වීමට මසක් කල් ඉල්ලූහ. ඊට එකඟ වූ කඩ හිමියා කොළඹ ගියේ මසකින් ආපසු ඒමට සිතාගෙනය.
මාසය ගතවීමටත් පෙර කඩ හිමියා බදු දුන් කඩයට ආපසු පැමිණි විට දුටු දෙයින් ඔහුට තරු පෙනිණ. ඒ වන විට කඩයේ තිබූ සියලු බඩු බාහිරාදිය පමණක් නොව, එහි දොර ජනෙල් පවා ගලවාගෙන ගොස් තිබිණ. වට පිටාවේ සිටියවුන්ගෙන් තොරතුරු ලබා ගනිමින් ඔහු දැන් බදුකරුවන් ගිය තැන් හොයනවාලු.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කඩයක් බදු අරන් දොර ජනෙලුත් ගලවාගෙන ගිහින්