අලෙවියට කූඩුවක දමා සිටි පුංචි කුකුළෙක් වෙළෙඳ සලකින් අතුරුදන් විය. පසුව කුකුළා සොයාගත හැකිවූයේ අඩි තුනක් යටින් පිහිටි පටු කාණුවකිනි. කාණුවේ මතුපිට කොන්ක‍්‍රීට් තට්ටුවකින් වැසී එක් පැත්තක් පමණක් විවෘතව තිබුණෙන් කුකුළා ඇල්ලීමට නොහැකිවිය.

”බා..බා..බා” යනුවෙන් කුකුළාට ආමන්ත‍්‍රණය කළත් කුකුළා කාණුවටම ගියේය. රාත‍්‍රිය උදාවිය. වෙළෙඳ සැල්වල ආරක්ෂාවට පුද්ගලයකු සිටි අතර කුකුළා බලාගැනීමට අයිතිකරු ඔහුට පැවරීය.

පසුදින කාණුවේ කට අසල සිටි කුකුළා මිනිසුන් දැක කාණුවට වැදී නොපෙණී ගියේය. ”පව් මූට කෑමක් නැහැ” අයෙක් පැවැසීය. අයිතිකරු වී අහුරක් කාණුවේ කට අසලට දැමුවිට, කුකුළා වී ටිකක් කා නරඹන්නන්ගේ ඝෝෂාවට බියවී ඇතුළට විය. අවසානයේදී අයිතිකරු කුකුළා සමඟ කූඩුවේ සිටි තවත් කුකුළෙක් ලණුවකින් ගැටගසා කාණුවේ කට අසලට ළං කළේය. වී ඇට දුටු එම කුකුළා ඒවා කන්නට විය.

කුසගින්නෙන් පසුවූ කාණුවේ සිටි කුකුළා ද වී ඇට කෑමට පිටතට පැමිණි අතර කකුල ගැට ගැසූ කුකුළා අනෙකාට කොටා පළවා හැරීය. ඌ බියවී නැවත කාණුව තුළට රිංගුවාට පසු ඉවතට පැමිණියේ නැත. හිරු බැසගොස් කළුවර වැටෙන්නට විය. අවසානයේදී කුකුළා මුදාගැනීම සඳහා කොන්ක‍්‍රීට් තට්ටුව කැඞීමට සිදුවිය. නාරාහේන්පිටින් මේ කතාව වාර්තා විය.