(තිහගොඩ උපසේන ලියනගම)
දකුණු පළාතේ රක්වාන කඳුවැටිය පෙනෙන මානයේ වූ ගමක ජීවත් වූ ඔහු සැබැවින්ම ගොවිතැනට දක්ෂයෙකි. ඔහු වගාකොට තිබූ මඤ්ඤොක්කා වගාවක් පසුගියදා මුළුමනින්ම විනාශකොට තිබුණේ ඌරු රංචුවකි. මෙය දුටු අසල්වැසියකු ඔහුට කිවේ මේ පිළිබඳව කෘෂිකර්ම නිලධාරියකු මගින් වන්දියක් ලබා ගන්නා ලෙසටයි. මේ විනාශය පෙන්වීමට එහි ඡායාරූපයක් ද රැගෙන යන ලෙස කීවත් ඔහු හඳුනන කැමරා ශිල්පියකු එහි නොවීය.
ගෙදරදී පොඩි පුතු කීවේ ලොකු අයියාගේ ජංගම දුරකතනයෙන් ඡායාරූප ගත හැකි බවය. අයියාට හොරෙන් දුරකතනය රැගෙන ගිය මල්ලී වැඬේ හරියට කර තිබූ නිසා පියා එය රැගෙන නගරයේ ඡායාරූප ශාලාවකට ගොස් ඡායාරූප ශිල්පියකුට එය බාර දුන්නේ කඩිනමින් අදාළ ඡායාරූප ලබාදෙන ලෙස පවසමිනි.
එය පරිගණකයට යොමු කළ විට මුලින්ම ඉස්මතුවූයේ ලොකු පුතා රූමත් ලලනාවක සමඟ කරන අඟන රැඟුම් කීපයකි. පියාට තරු පෙනිණ.
කට කොනෙන් සිනාසුණ ඡායාරූප ශිල්පියා මොහොතකට පසු ඌරු හානිය පෙන්වන ඡායාරූප කීපයක් ඔහුට ලබා දුන් පසු ගෙදර ගිය පියා ජංගම දුරකතනය පොඩි පුතාට ආපසු දුන්නේ ‘‘ඒ ඌරා කරපු දේට හපන් මේ ඌරා කරපු දේ’’ කියමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ උදවියට ඕක සාමාන්යයි ඉතින්.
ලංකාවේ වෘත්තිකයෝ නැහැ. ෆෝන් හදන අය ඡායාරූප මුද්‍රණය කරන අය තමන්ගේ වෘත්තිය පිළිබඳ ගෞරවයක් ඇතිව වෘත්තීය භාවයෙන් කටයුතු කරනවා නම් අනුන්ගේ ෆෝන් එකක තිබෙන අදාල නොවන දේ නරඹන්නේ නැහැ. පින්තූරයක් ප්‍රින්ට් කරන්න කිව්වා නම් එම වැඩ විතරයි කරන්නේ. අනේ අනෙක් කාරණේ තමන්ගේ ෆෝන් එකේ රහසිගත දත්ත තිබේ නම් එය අන් අයෙකුට දීමට පෙර ඒවා ඉවත් කිරීම වැදගත්. එසේම රහසිගත දත්ත තිබෙන ෆෝන් එකක් අක්‍රීය වුණොත් හදන්න දෙන එක අනතුරු දායකයි. ෆෝන් හදන කෙනා මුලින්ම බලන්නේ අසභ්‍ය පින්තුර තිබෙනවාද කියලයි. එම නිසා රහසිගත දත්ත සැම විටම මෙමරි කාඩ් එකක තබා ගැනීම වැදගත්. සැකයක් තිබේ නම් ෆෝන් එක පැක්ටරි ඩිපොල්ට් කරාම සියල්ල මැකෙනවා..
දැන් කොල්ලට මොකද වුනේ ඊට පස්සේ?