ඊසිකෑෂ් ක්‍රමයට මුදල් යැවීමට පැමිණි පුද්ගලයකු අසළ වෙළෙඳ සලේදී රුපියල් 9,750 ක මුදලක් ඊසිකෑෂ් කරන ලෙස පවසා එම මුදල ඊසිකෑෂ් කළ පසු මුදල් නොදී පවනට බඳු වේගයෙන් යතුරුපැදියකින් පලා ගිය බව දොඹගහවෙල නගරයට ආසන්න වෙළෙඳ සලකින් වාර්තා වේ.
එම සිද්ධිය මෙසේය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු යතුරුපැදිය අදාළ වෙළෙඳ සල ඉදිරිපිට නවතා වෙළෙඳ සලට පැමිණ රුපියල් 9,750 ක මුදලක් මෙම අංකයට ඊසිකෑෂ් කරන ලෙසට වෙළෙඳ සල් හිමිකරුට දුරකතන අංකයක් ලබාදී ඇත.
වෙනදා පුරුද්දට මෙන් වෙළෙඳ සල් හිමිකරු නාඳුනන පුද්ගලයාගෙන් මුදල් අතට නොගෙන අදාළ මුදල ඊසිකෑෂ් කර පුද්ගලයාගෙන් මුදල් ඉල්ලා ඇත. එවිට පොඞ්ඩක් ඉන්න යැයි පැවසූ නාඳුනන පුද්ගලයා වෙළඳසලෙන් පිටතට පැමිණ විගස හෙල්මටය පැළඳ පණගන්වා නතර කර තිබූ යතුරුපැදියේ නැග පලා ගොස් ඇත.
වෙළෙඳ සල් හිමිකරුවා පැවසුවේ එම යතුරුපැදිය තමා හඳුනා ගැනීමට පසුපස එලවා ගිය ද එහි අංක තහඩු නොමැති බවයි.
මුදල් වංචා කර පලාගිය පුද්ගලයා මෙය ඉතා සැලසුම් සහගතව සිදුකර ඇති බවත් ඔහුගේ හැසිරීමෙන් මෙවැනි වංචා ක්‍රියාවන්ට ඔහුට මනා පළපුරුද්දක් ඇති බවත් තමාට අවබෝධ වූ බව වෙළඳ ආයතනයේ හිමිකරු පැවසීය.
(මඩුල්ල - සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක - කේ.එම්.පී. බණ්ඩාර)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊසිකෑෂ් කරන්න ඇවිත් පොල්ලක් තියා පැනගිහින්
ලලිත් Friday, 06 January 2017 03:52 AM
ඊසිකෑෂ් ක්‍රමයෙන් හොර වැඩ හුඟක් වෙනවා, කුඩු බිස්නස් විශේෂයෙන්ම (නි)
සම්පත් Thursday, 05 January 2017 11:55 AM
මෝඩ මනුස්සයෙක්.(හේ)