එය ඉංගිරිය නගරයේ සිට ගමන් ආරම්භ කරන ලද පෞද්ගලික බස් රථයකි. යාබද අසුනේ සිටි තැනැත්තා කොන්දොස්තරට රුපියල් 20ක නෝට්ටුවක් දිගු කළේය. ගමන් ගාස්තුව රුපියල් 16කි. මගියාට ඉතිරි රුපියල් 4 දීම කොන්දොස්තරට ඇඟෙන් ඇටයක් දීමටත් වඩා අසීරු කාර්යයක් බව පෙනුණි. කාර්යබහුල බවක් බොරුවට මවා පාමින් හැසිරෙන කොන්දොස්තරගෙන් තම ඉතිරි මුදල ලැබෙන පාටක් නොමැති බව දුටු මගියා ඔහුගේ අතට තට්ටුවත් දැමීය. ‘‘මගේ ඉතුරු?.....’’ ඔහු ප‍්‍රශ්න කළේය. ‘‘කීයක්ද මහත්තයා දුන්නේ......කෙහෙන්ද බහින්නේ....’’ දැනට තත්පර කීපයකට පෙර තමන් මුදල් ගත් මගියාගේ ගමනාන්තය අමතක බව බොරුවට රඟ දක්වමින් හැසිරුණු කොන්දොස්තරගේ ප‍්‍රශ්නවැලට මගියාද මුවින් නොබැණ ඉවසමින් පිළිතුරු දුන්නේය. ‘‘මට මහත්තයා රුපියලක් දෙන්න මම එතකොට පහක් දෙන්නම්’’ කලිසම් කමිස සාක්කු පතුලේ පීරා සෙවුවද රුපියලක් සොයා ගැනීමට මගියාට නොහැකි විය. ඔහුට ගණ දෙවි නුවණක් පහළ වූයේ මේ අතරය. ‘‘ආ...... කෝ දෙන්නකෝ පහ. මම රුපියලක් දෙන්නම්’’ කී ඔහු කොන්දොස්තරගෙන් රුපියල් පහක් ඉල්ලා ගත්තේය. ‘‘කෝ, මහත්තයා රුපියල?’’ කොන්දොස්තර ඇසුවේ තමන්ට දෙනවා යැයි කී රුපියල ලැබෙන පාටක් නොදුටු බැවිනි. ‘‘රුපියල......? රුපියලද.....? ඔහේ ඕක මට නුදුන්න නම් මම රුපියල් 4ක්ම පාඩු විඳින්න ඕනෑ. දැන් මේ වැඩෙන් ඔහේට පාඩු රුපියලනේ. දැන් මං ළඟ දෙන්න රුපියලක් නෑ. මම බහින්න කලින් මට රුපියල් 4ක් දෙනවා. එතකොට මම මේ පහ දෙන්නම්’’ වෙඩි බෙහෙත් පුපුරනවා වැනි හඬින් මගියා දුන් පිළිතුරට කොන්දොස්තරට ප‍්‍රති උත්තර නොමැති විය. ‘‘හොඳ වැඬේ, ඔහොම කරලා මදි, නියමයි......’’ වැනි වදන් බස් රියේ තැන් කීපයකින්ම ඇසෙද්දී, මගියා ඉල්ලූ ලෙස දීමට රුපියල් හතරක් අතේ තිබුණ මුත් ඔහුට රුපියල් පහම තියා ගන්නට ඉඩහැරි කොන්දොස්තර හීන් සීරුවේ එතනින් ඉදිරියට ගියේය.
රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක
තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.
හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබ
විශ්‍රාම ලැබූ ග්‍රාම නිලධාරීවරයකු සිදුකළ මෙහෙය අගයමින් ඔහුගේ හිතවතුන් පිරිසක් විසින් සංවිධානය කළ උපහාර උත්සවයට ඔහු සහභාගී නොවී එය මඟහැර ගිය අපූරු පු
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉතිරි සල්ලි නොදුන්නාට මගියා කොන්දොස්තරගේ කණෙන් රිංගලා
gayan Friday, 30 March 2012 10:07 AM
අය්යෝ සල්ලි
දිලාන් Monday, 07 May 2012 06:45 PM
හොද වැඩේ. ඔහොම වෙලා මදි
Karu Wednesday, 28 March 2012 08:06 PM
නියමයි
suranga Wednesday, 28 March 2012 08:25 PM
ඇත්තටම ඒකනම් ගොඩාක් හොද වැඩක් අපිටත් ඔය වාගම කොන්දොස්තරලාත් ඉන්නවා කටුනායක ආයෝජන කලාපයේ 9 අරගෙන ඉතිරි රුපියල නැ කියලා 10ම සාක්කුවේ ඔහොම තමා වෙන්න ඕන