ලියාදුන් අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් අරක්කු බෝතලයක් ගෙන ආවේ යැයි උරණ වූ බිරිය අවුරුදු මේසයේදී සැමියාට ආහාර අනුභවය තහනම් කළාය. අලූත් අවුරුදුවලට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් ලියා සැමියා අතට දුන් බිරිය ඒ සඳහා මුදල් ද දුන්නාය. ලැයිස්තුගත භාණ්ඩ සියල්ල මිලයට ගත් පසු සියයේ කොළ කිහිපයක් ඉතිරි විය. කඬේ යද්දිත් ඔහු බීම සාප්පුව පසු කැරගෙන ගියේය. වැඩිම සෙනඟ රැස්ව සිටියේ එතැනය. කිසි කලබලයක් නැතිව මිනිස්සු ඒ පෝලිමේ තම වාරය එනතුරු සිටියහ. ඔහුද මුලින් එහි යා යුතු යැයි සිතූ නමුත් ගෙදරින් එල්ල විය හැකි අතුරු අන්තරා නිසා දෙගිඩියාවෙන් එතැන පසු කළේය. සල්ලි ඉතිරි වූ නිසා යළිත් ඔහු ඒ පැත්තට ගියේය. අඩුම මිල බෝතලයක් ගැනීමට පෝලිමේ සිටියේය. ටික වේලාවකට පසු බෝතලය මිලට ගත්තේය. ඔහුගේ සතුට ඉහවහා ගියේය. කිසි තැනෙක නොරැඳී ඊයක වේගයෙන් ගෙදර පැමිණියේය. බෝතලේ කතාව බිරියට කියම්දෝ නොකියම්දෝ යැයි සිත සිතා සිටි ඔහු ඒ බව කීවේ නැත. එහෙත් බෝතලය මල්ලේම තිබෙන්නට හැරියේය. එය දුටු ඇය ආඥාවක් පැනැවූවාය. ඉන් කියැවුනේ බෝතලය පාවිච්චි කළ හැකි බවයි. ඒත් අවුරුදු කෑම තහනම් විය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කුහක ගැනියෙක්......
ආර්තිකය හා කලමණාකරනය පිලිබද මනා අවබෝදයක් ඇති ඇයට රුපියල් 2500 මතක් වෙන්න ඇති.
නියමයි, එහෙම තමයි කරන්න ඕන.
හොද බිරියක් නේද බෝතලය බොන්න දීල නෑ. සැමියට ගොඩක් ආදරේ පාටයි.