(වියලුව වාර්තාකරු)
අලුත් උපන් සිට මිනිබිරිය දැකබලා ගැනීම සඳහා ඇඳිරි නීතිය වේලාවේ උදැල්ලක් කර තබාගෙන සැතපුම් පහක් පමණ පා ගමනින්ම ගිය සමාද්ධිලාභියකු පිළිබඳ වාර්තාවෙයි.

ගොවිතැන සිය ආදායම් මාර්ගය කරගත් ඔහු සමාද්ධිලාභියෙකි.
මේ වනවිට පවත්නා කොරෝනා තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ඔහු නිවෙසට කොටුවී සිටියේ කිසිදු කටයුත්තක් කර ගත නොහැකිවය. අසල්වැසි ගමක තරුණයකු සමග විවාහ වී සිටි සිය වැඩිහල් දියණිය දරුවකු ප්‍රසූත කළ පුවත අසන්නට ලැබුණේ මේ අතරවාරයේය.
හෙතෙම තම වැඩිමහල් දියණිය ප්‍රසූත කළ දරුවා දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළුණුද දියණිය පදිංචි නිවෙසට යෑමට නම් ප්‍රධාන මාර්ගයක් ඔස්සේ අනිවාර්යයෙන්ම යායුතු වූ අතර පනවා ඇති ඇඳිරි නීතිය ඊට දැඩි බාධාවක් විය.
ඒ පිළිබඳව සිතමින් සිටි ඔහුට අසල්වැසි හිතවතකුගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.
ඇඳිරි නීතිය තිබුණට කුඹුරට යන්න බාධාවක් නැහැ. ඒ නිසා උදැල්ලක් අරන් දුවලාගේ ගෙදර යන්න. හිතවතාගෙන් ලැබුණේ අපූරු උපදෙසකි.
තවතාගේ උපදෙස් අනුව හොඳින් සෝදා පිරිසිදු කරගත් උදැල්ලක්ද කර තබා ගත් හෙතෙම මිනිබිරියට අවශ්‍ය අඩුම කුඩුම කීපයක්ද මල්ලක දමාගෙන මීගහකිවුල නගරය හරහා සිය දියණිය පදිංචි නිවෙස වෙත කිලෝමීටර් පහක පමණ දුරක් පා ගමනින්ම ගමන් කළේ කුඹුරට යන ගොවියකු පරිද්දෙනි. මේ වන විට ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු ආරම්භ වී තිබීම නිසා මෙම පුද්ගලයා දුටු පොලිස් නිලධාරීන් ද ඔහුගේ ගමනට කිසිදු බාධාවක් එල්ල නොකළේ ඔහු සැබෑම ගොවියකු යැයි සිතමිනි.
මිතුරාට පින් අත්වන්නට කිසිදු උපද්‍රවයකින් තොරව සිය මිනිබිරිය දැක බලා ඇය හුරතල් කළ හෙතෙම සවස් වෙද්දී යළි පා ගමනින්ම නිවෙසට පැමිණියේ බෑණාගේ සංග්‍රහයක්ද භුක්ති විඳීමෙන් අනතුරුවය.
COMMENTS
මේ වගේ සංවේදී මිනිස්සු තාම ඉන්නවා කියන එකත් ලොකු දෙයක්.
සෙනෙහසේ මහිමය...
සැතැපුම් කියන්නේ කිලෝමීටර් එකක් දෙකක්...
නෑ ගම් යන්නෙත් උදැල්ලක් කරෙ තියාගෙන.. හොර ගැනහම්බවෙන්න යන්නෙත් උදැල්ලක් කරෙ තියාගෙන... ඉස්සර, වෙරිවෙලා රටටයි, ජාතියටයි, පාර්ලිමේන්තුවටයි බැනවදිමින් පාරවල් දිගේ කෑ කෝ .. ගහමින් මරලතෝනි තියපු.. උදවියත් දැන් ඒ ඒ.. අවශ්‍යතාවයන් සපුරාගන්නෙත් උදැල්ලක් කරෙ තියාගෙන.. දැන් අපේ රටේ " උදැල්ල " ජාතියේ ලාංචනය වෙලාද ..?
ඒ වුනත් මෙම අවස්ථාවෙ හැටියට මෙවා වීරකම් නෙවෙයි මෝඩකම්. මෙවැනි දෙයට ප්‍රසිද්ධිය දීමෙන් තවත් අය ඒ අනුගමනය කළොත් මහා විනාශයක් විය හැකියි.
ලොකු හපන්කමක් කළා කියල හිතනවා ඇති මේ ගොන් සීයා. බැරිවෙලා හරි අතර මගදී කොරෝනා වෛරස් එක ඇති කෙනෙක්ගෙන් විෂබීජ ආවනම් අර අහිංසක දරුවත් ඉවරයි.
මේ විදිහට හැමෝම කරන්න ගියොත් අන්තිමට වෙන්නේ ගොවිතැන කරන අයටත් නීති වැඩි කරන එක. මෝඩ වැඩක් කරලා තියෙන්නේ. ආශාව වගේ නෙමේ අන්තිමට කොරෝනා හැදුනොත්. පිස්සු නැත්නම් හොදයි.