IMG-LOGO

අයි.ආර්.සී පච්ච සිරා ඕ.අයි.සීගේ අතේ මාට්ටු

(මීගහතැන්න  ප්‍රේමතිලක පෙරමුණ)
අලු‍තින් පැමිණි ඕඅයිසී මහත්තයා අයි.ආර්.සී. පච්ච සිරාගේ බූරු පිටියට මහ රෑ  හදිසියේ කඩා වැදුණු නිසා අන්දමන්ද වූ බූරු කප්පිත්තෝ හිස් ලූ ලූ අත දිවගියහ.


  කල් ඇතිව අතුරු මාර්ග වල රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගත් නමුත් සිරා ඇතුළු කිහිප දෙනෙක් අල්ලා ගැනීමට නොහැකි විය.  


මුරට දමා සිටි පච්ච සිරාගේ දඩෝරි  බල්ලන් දෙදෙනාද, ඕඅයිසී මහත්තයා විසින් කල් ඇතිව සූදානම් කර රැගෙන ගිය අමු මස් කැබලි කිහිපයෙන් මෙල්ල කරගත් නිසා වැටලීම තවත් පහසු විය. 


කාව ඇල්ලු‍වත් මැරතන් ශූරයකු බඳු වූ පච්ච සිරා ඇල්ලීමට මෙතෙක් කළ කිසිදු වැටලීමකදී පොලිසියට නොහැකිවීම එක අතකින් පොලිසියට මදිකමක් ද විය. 


වෙනදා මෙන්ම පච්ච සිරා බූරුපිටිය ආසන්නයේ ඇති ඉතා ගැඹුරු  ගඟට පැන  පිහිනා ගියේ පොලීසිය කිසිවිටෙකත් එම අවදානම නොගන්නා බව ටක්කෙටම දන්න නිසාය.  


 සිරා අනුකරණය කරමින් පොලිස් නිලධාරීන්ගෙන් මිදුණ තවත් කීප දෙනෙක්ද ගඟට පැන පිහිනන අතරේ, තමන් සමග පිහිනමින් සිටි අනිත් සගයා අමතා “අද ටිකක් දුරට ගිහින් ගොඩවෙමු ඕඅයිසී මහත්තයා  වෙනදා තැන මුරට දාල ද දන්නෑ”‍යයි  පච්ච සිරා  කියද්දී ඔව් ඔව් කිලෝමීටර් බාගයක්වත් පහළින් ගොඩවෙමු”‍ අනෙකා ද එය අනුමත කළේය.


කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් ගඟ දිගේ පහළට පිහිනා ගිය පච්ච සිරා පාළු කැලෑ රොදක් අසලින් අඳුරේ අතපත ගාමින්  ඉවුරට ගොඩ වූයේ අනතුරක් නොමැති බව තහවුරු කරගෙනය. 


“අම්මෝ ඇති යන්තම් අදටත් බේරුණා හොඳටම මහන්සියි”‍ කියමින් ගං ඉවුරේ  වාඩිවුණු පච්ච සිරා, පිටුපසින් පිහිනා පැමිණි සගයාට ද ගොඩවීමට අත  දික්කර සහයෝගය දුන්නේය.


“ඔව් බං මටත් හරි මහන්සියි ඒත් කමක් නෑ බේරුණානේ”‍ යැයි කියමින්  අත  අල්ලාගෙන ගොඩ වූ සගයා එසැණින් තමාගේ  දෑතට මාංචු කුට්ටම දැම්මෙ අලු‍ත් ඕඅයිසී මහත්තයා බව සිරා දැනගත්තේ පොලීසියට රැගෙන  ගිය පසුය.  

 



අදහස් (0)

අයි.ආර්.සී පච්ච සිරා ඕ.අයි.සීගේ අතේ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 44 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 611 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site