
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙකු සුවය ලබා අද (16) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 11,806 කි.
5432දෙනෙක් තවදුරටත් රෝහල්වල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී ආසාදිතයන් වැඩිම ගණනක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, කඹුරුගමුව රෝහලෙන් වන අතර එම සංඛ්‍යාව 76 කි.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ආසාදිතයන් 17,287 දෙනෙකු වාර්තා වන අතර, 58 දෙනෙකු මිය ගොසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යන්නෙ හොඳ වෙලා නෙවෙයි නේද ? කිව්වෙ මිනිස්සු හැටියට දින 14 න් හොඳ උනත් නැතත් ගෙදර යවන්නෙ නිවසේ නිරෝදායනය වෙන්න කියල.මීට ඉස්සෙල්ලා සමහරු මාසෙට වැඩිය හිටියා හොදවෙන්න .ඉතින් හොඳ වෙලා කියන්න අඅමාරුයි නේද