කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 311 දෙනෙකු සුවය ලබා අද (16) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 11,806 කි.

5432දෙනෙක් තවදුරටත් රෝහල්වල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබමින් සිටිති.

අද දිනයේදී ආසාදිතයන් වැඩිම ගණනක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, කඹුරුගමුව රෝහලෙන් වන අතර එම සංඛ්‍යාව 76 කි.

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ආසාදිතයන් 17,287 දෙනෙකු වාර්තා වන අතර, 58 දෙනෙකු මිය ගොසිනි.