(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොරෝනා වයිරසය ආසාදනය වූ බිළිඳුන් 150 දෙනෙකු මේ දක්වා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් හඳුනාගෙන ඇතැයි එහි රෝහලේ අධ්‍යක්ෂ ජී . විජේසූරිය මහතා පැවසීය.
එසේම එම බිළිඳුන්ගේ මාපියන් සිය දෙනකුට ද වයිරසය ආසාදනය වී තිබූ බව රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය .
මෙසේ ආසාදිත බිළිදුන් අතරින් මාස 18ක බිළිඳෙකු ඉකුත් දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගිය අතර එම බිළිදාගේ මාපියන්ට ද වයිරසය ආසාදනය වී තිබූ බව පැවසේ.
දරුවෙකු ආසාදිත වූ විට රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම රෝගය උත්සන්න වීමට හේතුවක් වී ඇති බැවින් රෝග ලක්ෂණ මතු වූ වහාම බිළිඳු දරුවන් රෝහල්ගත කිරීමට පියවර ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා මාපියන් ගෙන් ඉල්ලා සිටි.
COMMENTS
ඉතාම කනගාටුදායක පුවතක්. මේ දරු පැටවුන්ට ඉක්මන් සුවය ලැබේවා...!!! දෙමාපියන්ටද ඉක්මන් සුවය ලැබේවා...!! අපගේ මාතෘභූමිය මෙම උවදුරෙන් ඉක්මනින් මිදේවා......!!
රජය පැහැදිලිවම වගකීම් පැහැර හරිමින් ඉන්නවා.. වෙන වෙන ප්‍රශ්න කරලියට ගෙනැත් රටේ පවතින බරපතල ගැටලුව ගැන කිසිම අවධිමත් බවක් නොමැත.
පාලකයන් මුට්ටි ගඟේ දමමින්, පැණිය පසුපස යමින්, විකාර කළා මිසක් එන්නත් ඇණවුම් කළේ නැහැ. සෞක්‍ය ඇමැති, ජනාධිපති ඇතුළු මුළු ආණ්ඩුවම අසමත්...
බිළිඳුන් හැකිතරම් අමුත්තන්ගෙන් ඈත්කර තැබීමත්, සිප ගැනීමෙන් වැළකීමත් මගින් ආසාධිත බව අඩු කළ හැකියි.
ඕවා මොනවද? ජාතික කොඩියේ සිංහයා පොඩ්ඩක් වෙනස් කරලා ඉමු ඉස්සෙල්ලාම... නැතිනම් මට නින්ද යන්නේ නැහැ.
මා ඉන්න රටේ දැනට 90000ක් පමණ අවාසනාවන්ත ලෙස මියගොස් තිබෙනවා.
පාලකයින් පැණි මුට්ටි පස්සේ දුවද්දී ඉහළ වගකිවයුතු බලධාරීන් පහළ කාර්ය මණ්ඩල බිල්ලට දීලා බලාගෙන ඉන්නවා. පම්පෝරි ගැහුවාට අවශ්‍ය පහසුකම් මේ වෙනකොටත් ළමා රෝහලේ නෑ. කණගාටුදායකම දේ වෛද්‍යවරුන්ගේ ඉටු දෙවියා ලෙසින් පෙනී ඉන්නා දොස්තර පාදෙණිය රාජකාරි කරන්නෙත් මේ ළමා රෝහලේම වීමයි. බොරැල්ල මරදාන ප්‍රධාන මාර්ගය දක්වා දුර්ගන්ධය පැතිරෙන කුණු ගොඩක් රෝහල තුළ ගොඩ ගසාගෙන අන්ධයින් සේ හැසිරෙමින් රටේ මිනිසුන්ට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන හා ඩෙංගු මර්ධනය ගැන වැදි බණ කියන මේ අය රටට කොරෝනාවටත් වඩා පිළිලයක් බව මිනිසුන් තේරුම් ගත යුතුයි...
මේ අහිංසක දරුවන්ට නිරෝගී සුවය ලැබේවා කියා පතනවා. කෝවිඩ් 19 වසංගතය ඉක්මණින් අපේ රටෙන් තුරන් වේවා...!