
(ඩි.ජි.සුගතපාල)
හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් මෙම වැඩ බිමේ සේවකයින් 50කට සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වාර්තා අනුව ඉන්දිය ජාතිකයින් 45කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇති අතර එම 45න් හම්බන්තොට පැරණි රෝහලේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (17) ඇතුළත් කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම වැඩ බිමේ සිංහල ජාතිකයින් 460ක්ද දමිළ ජාතිකයින් 320ක්ද ඉන්දියන් ජාතිකයින් 480ක්ද සේවය කරන අතර එම පිරිසට සයිනොෆාම් දෙවන මාත්‍රාවද ලබාදි ඇත.
මේ අතර ඉන්දියන් ජාතිකයින් 480න් 42ක් එන්නත් ලබා ගැනිම ප්‍රතික්ෂේපකර ඇතත් ඔවුනට කොරෝනා ආසාදනයවි නොමැති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත් වැඩක් නෑ...ඉන්දියන් උන් දන්නවා ඒක
16 වෙනිදා සජබ විරෝධතා නිසා ඇතිවුණු දෙයක්ද
පොලිස් ඇමති මේකටත් සජබ කාරයෝ අල්ලගනීද කියන්ඩ බැහැ. හෙල්පින්ග් හම්බන්තොට ගැන ආණ්ඩුව බලාගන්නේ නැතෑ???