හේනේගම පාසල් දෙකක සිසුවියන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ටි.ඩී.සුරවීර මහතා 25දා පැවසීය.
හේනේගම පාසලක හා විලිබුල ප්‍රදේශයේ පාසලක සිසුවියන් දෙදෙනකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇත.
එක් සිසුවියක පසුගියදා ඇගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් ද පවත්වා ඇති බවත් ඒ හේතුවෙන් ඇගේ සමීපතම පවුල් දහයක් නිරෝධායනයට ලක් කළ බව ද පැවසුවේය
හේනේගම ප්‍රදේශයේ සිසුවියගේ පවුලේ සාමාජිකයින් තිදෙනකු ද වයිරසය ආසාදන වී ඇති බව ඒ මහතා කීවේය
ඉදිරි දිනයේ ආශ්‍රිතයන් පී.සී.ආර් පරික්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.