IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හුදකලා කළ වසම් 2ක උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වී නවතයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හුදකලා කර තිබෙන අටුලුගම ගම්මානයට අයත්, එපිටමුල්ල සහ බමුණුමුල්ල  ග්‍රාම සේවාවසම්වල පදිංචි පවුල්  200ක පමණ පුද්ගලයන් පිරිසක් එක්ව  අද (19)  සංවිධානය කිරීමට ගිය  උද්ඝෝෂණයක් පොලිසියේ මැදිහත්වීම මත ඔවුන් විසින්ම නවතා දැමූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.

මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු සූදානම් වන බවට බණ්ඩාරගම පොලිසියට  දැන ගැනීමට ලැබීමත් සමඟම  අමතර පොලිස් නිලධාරීන් අලොතියාව පොලිස් මුරපොළ වෙත කැඳවා තිබිණි.

උද්ඝෝෂණයට සැරසුණු එම පිරිස සිංහල පවුල්වල වැසියෝ වෙති.

එම ස්ථානයට පැමිණි පවුල්වල නියෝජිතයෝ දෙදෙනෙක් ඔවුන් පත්ව සිටින  ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැවසූහ. තමන්ට රුපියක් 5000ක් වටිනා බඩුමල්ලක්  රජය මගින් ලබා දුන්නද එහි ඇතුලත්ව ඇත්තේ රුපියල් 4000ක පමණ භාණ්ඩ බවත්, එය සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවත් පවසා තමන්ට සාධාරණයක් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

එහිදී  එම පිරිස ඇමතූ එහි සිටි  පොලිස් පරීක්ෂකවරයෙකු මේ වන විට එම පෙදෙස්වල හුදකලා බව ඉවත් කිරීමට  සාකච්ඡා පැවැත්වෙන බවත්,  කලබලයට පත්ව  කටයුතු නොකරන ලෙසත් පැවසීය. ඉන් අනතුරුව  එම නියෝජිතයන් දෙදෙනා  තමන් ඇතුළු පිරිස යොදාගත් පරිදි  උද්ඝෝෂණය නොකරන බව පවසා එම ස්ථානයෙන් ද පිටව ගියහ.

මේ තත්වය හේතුවෙන් කලබලයට පත් එම වසම්වල පදිංචි මුස්ලිම් ප්‍රජාව අලොතියාව  හන්දියේ ප්‍රධාන   පොලිස් මුරපොළ වෙත පැමිණියහ.  ඔවුන් කිසිදු ආකාරයක උද්ඝෝෂණයක් නොකරන බවත්, සිංහල ප්‍රජාව සිදුකිරීමට සැරසුණු උද්ඝෝෂණයට සහයක් නොදක්වන බවත්, හුදෙකලා බව ඉවත්කළ දිනක තම කටයුතු සඳහා පිටතට යන බවත් ඔවුහු නිලධාරීන්ට පැවසූහ.



අදහස් (0)

හුදකලා කළ වසම් 2ක උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වී නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site