IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හැටන් මහජන පොළ තාවකාලිකව හුදකලා කරයි


 
(රංජිත් රාජපක්ෂ)       
               
                                             
පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොළෙන් හැටන් නගරයට මත්ස්‍යයින් රැගෙනවිත් අලෙවි කළ මත්ස්‍ය වෙළෙන්දෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණයෙන් තහවුරු විමත් සමග හැටන් මහජන වෙළඳපොල තාවකාලිකව අද (25) දින සිට හුදකලා කිරිමට හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ නිලධාරින් කටයුතු කළහ.


පෑලියගොඩ මත්ස්‍යය වෙලදපොලෙන් මත්ස්‍යයින් රැගෙන විත් අලෙවි කළ වයිරසය ආසාදනය වු ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්  නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යාමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් කටයුතු කරනු ලැබීය.


හැටන් නගරයේ මහජන පොල භුමියද තාවකාලිකව වසා දැමිමටත් , හැටන් නගරයේ මහජන වෙළඳපොල විෂබිජහරණයට ලක් කිරිමට කටයුතු කල අතර ,එම ව්‍යාපාරිකයා හැටන් නගරයේ ආපනශාලා ඇතුළු වෙළදසැල් කිහිපයකටත් ගොස් ඇති බවට ලැබුණු තොරතුරු මත එම වෙළදසැල්ද තාවකාලිව වසා දැමිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළහ.
 
 



අදහස් (0)

හැටන් මහජන පොළ තාවකාලිකව හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site