IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ස්වාසිලන්තයේ අගමැති කොරෝනාවෙන් මිය යයි

ස්වාසිලන්තය ලෙස මින්පෙර හැඳින්වූ, අප්‍රිකානු රාජ්‍යයක් වන ඒස්වටිනි හි අග්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි මහතා මියගොස් ඇතැයි වාර්තා වේ. ඔහු මියගොස් ඇත්තේ කොරෝනා වැළඳීී ඇති බවට තහවුරු වීමෙන්  සති හතරකට පමණ පසුව බව එරට රජය පවසයි.

මියයන විට ඩ්ලාමිනි මහතා 52 වැනි වියේ පසුවිය.රජය විසින් නිකුත් කළ ප්‍රකාශනයේ දැක්වෙන්නේ ඔහු දකුණු අප්‍රිකාවේ රෝහලකදී මියගිය බවයි. කෙසේවුවද ඒහි මරණයට හේතුවක් සඳහන් කර නොමැති බව පැවසේ.

පසුගිය නොවැම්බර් 16 වන දින තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඩ්ලාමිනි මහතා නිවේදනය කළේය. රෝග ලක්ෂණ නොමැති බවත් සුවෙන් පසුවන බවත් ඒහිදී ඔහු කියා තිබිණි. සති දෙකකට පමණ පසු ඒස්වටිනි රජය කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ රෝහලකට ගෙනගිය බවයි. නමුත් ඉරිදා (13) සවස වැඩි විස්තර ලබා නොදෙමින් රජය කියා සිටියේ දකුණු අප්‍රිකාවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඩ්ලාමිනි මියගිය බවයි. අවසන් කටයුතු සම්බන්දව පවුලේ අය සමග සාකච්ඡාකිරීමෙන් පසුව නිවේදනය කරන බවද ඒහි දැක්වේ.

ඩ්ලාමිනි මහතා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඒස්වටිනිහි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

අප්‍රිකාවේ දකුණු දිග පිහිටි කුඩා රටක් වන ඒස්වටිනි සම්පූර්ණයෙන්ම ගොඩබිමි වලින් වටවූ රාජ්‍යයකි. ඒස්වටිනිහි මිලියනයක පමණ ජනගහනයක් ජීවත් වන අතර මේ වනවිට කොරෝනා රෝගීන් 6,768ක් සහ මරණ 127ක් වාර්තා වී තිබේ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

ස්වාසිලන්තයේ අගමැති කොරෝනාවෙන් මිය යයි

Rata Perata Monday, 14 December 2020 07:21 AM

එත් කරුමෙට අපේ රටේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site