IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සුවය ලැබූ 79ක් පිටව යති-රෝගීන් සංඛ්‍යාව 134ට බසී


කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගිය බව  උදෑසන 10.00ට වාර්තාවක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, කොරෝනා ආසාදනය වීමෙන් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 2755කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 134 දක්වා පහළ බැස තිබේ.

සුවය ලබා අද පිටව ගිය පිරිස අතර, වැලිකන්ද මූලික රෝහලේ 7 දෙනෙක්ද, කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 72දෙනෙක්ද වෙති.

අද උදෑසන වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් යැයි සැකසහිත රෝගීන් ගණන 74ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 2900ක් වන අතර, 11දෙනෙකු මියගොසිනි.



අදහස් (0)

සුවය ලැබූ 79ක් පිටව යති-රෝගීන් සංඛ්‍යාව 134ට බසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site