
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 785 දෙනෙකු සුවය ලබා අද (16) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අද දිනයේදී සුවය ලැබූ පිරිසත් සමඟ සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 25,652 කි.
අද සුවය ලබා පිටව ගිය වැඩිම පිරිසක් වාර්තා වන්නේ, පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම ගණන 146 කි.
එසේවුවත්, මේ වනවිට ආසාදිතයෝ 8,312 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
අද උදෑසන 10.00 වනවිට කොරෝනා බවට සැකසහිත රෝගීන් 499 ක් රෝහල් ගත කර ඇත.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූවන් ගණන 34,121 දක්වා ඉහළ ගොස් ඇති අතර, 157 දෙනෙකු ඉන් මියගොසිනි.
COMMENTS