
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 22දෙනෙකු සුවය ලබා අද(17) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3043ක් වන අතර, තවදුරටත් ආසාදිතයෝ 215ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේ දී සුවය ලබා පිටව ගිය එම පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් 6ක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 13දෙනෙක්ද, ඉරණවිල රෝහලෙන් එක් අයෙක්ද, මුල්ලේරියාව මූලික රෝහලෙන් එක් අයෙක්ද, වෙති.
ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පිටව ගිය පිරිස අතර විදේශිකයෙක්ද වෙයි.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 3271ක් වන අතර මේ වනවිට 13දෙනෙකු මියගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd