
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 29,300ක් දක්වා ඉහළ ගොස් ඇත.
එය ප්‍රතිශතයක් ලෙස 77.9%කි.
අද දිනයේදී ආසාදිතයන් 618දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමඟ එම අගය ගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඊයේ දිනය වනවිට සුවය ලැබූ ආසාදිතයන් ගණන 28,682ක් බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයකින් පැවසීය.
දෙසැම්බර් මාසයේදී සුවය ලැබූ වැඩිම පිරිසක් පිටව ගොස් ඇත්තේ දෙසැම්බර් 16 වැනි දින වන අතර එම ගණන 785කි.
(රූප සටහන - කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතය හා සම්බන්ධ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවියෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd