කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 520ක් සුවය ලබා අද(28)පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 33,221ක් බවට පත්ව තිබේ.

අද දිනයේදී සුවය ලබා පිටව ගිය වැඩිම පිරිසක් වාර්තා වන්නේ පොලිස් පුහුණු පාසලින් වන අතර එම ගණන 151කි.

බණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහලෙන් සුවය ලැබූ 83ක් පිටව ගොසිනි.

අද උදෑසන 10.00 වනවිට කොරෝනා බවට සැකසහිත රෝගීන් 614දෙනෙකු රෝහල්ගත කර ඇත.

ශ්‍රී ලංකාවේ මේ වනවිට සමස්ත ආසාදිතයන් ගණන 41,054ක් වන අතර, 191දෙනෙකු මිය ගොසිනි.