කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 715 දෙනෙකු සුවය ලබා අද (20) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 28,267 කි.

ආසාදිතයෝ 8,229ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

අද උදෑසන 10 වනවිට රෝහල්ගතකර ඇති, කොරෝනා බවට සැක සහිත රෝගීන් ගණන 438 කි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 36,667ක් වන අතර, 171 දෙනෙකු මිය ගොසිනි.