IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෞදියේ දේශසීමා වසා දමයි

එක්සත් රාජධානියේ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්-19’ හි නව වයිරස ප්‍රභේදය හේතුවෙන් දේශසීමා වසා දැමීමට සෞදි අරාබිය පියවර ගෙන ඇත.

ඒ අනුව දෙසැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ජාත්‍යන්තර ගුවන් ගමන් නවතා දමා තිබෙන අතර වරාය ද වසා දමා ඇත. සතියකට බල පැවැත්වෙන පරිදි මෙම සීමා පනවා තිබෙන අතර තත්ත්වය සලකා බලමින් එය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න තීරණය කරන බව ද සෞදි බලධාරිහු අද (21) ප්‍රකාශ කළහ.

යුරෝපයෙන් හෝ නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය වාර්තා වන රටකින් පැමිණි සියලු සංචාරකයන් දින 14ක නිරෝධායනයකට යටත් වන බවත් ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු විය යුතු බවත් එම බලධාරීහු කීහ.

කෙසේ නමුත් නව ප්‍රභේදය වාර්තා නොවන රටවලින් පැමිණෙන යාත්‍රා සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට රටට පැමිණිය යුතු යැයි ද එම බලධාරීහු පැවැසූහ.

මේ අතර මේ වනවිට රටට පැමිණ ඇති ජාත්‍යන්තර ගුවන් යානාවලට රටින් පිටවීමට හැකියාව ඇතැයි ද එම බලධාරීහු තවදුරටත් කීහ.


ඒ.එෆ්.පී.

055 



අදහස් (0)

සෞදියේ දේශසීමා වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site