අජන්ත කුමාර අගලකඩ
වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
ඇයට රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් ඊයේ (31) පස්වරුවේ පිසිආර් පරීක්ෂණයක් සිදුකර තිබූ එහි ප්‍රතිඵල අද (1) උදෑසන ලැබී තිබිණි.
ඒ අනුව ඇය රෝහල් ගත කර ඇති අතර ඇයගේ අමාත්‍යාංශය ලේකම් කාර්යාලය වසා දමා තිබේ.
මේ අතර ජයවර්ධන මහත්මියට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වෙළඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද අද (1) දිනයේ පිසීආර් පරික්ණෂණක් කර ඇති අතර එහි වාර්තාව අද පස්වරුවේ ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ ඇමැතිවරයාට පීසීආර් පරීක්ෂණයක් කිරීම ප්‍රමාණවත්ද? ලේකම් මහත්මිය සමග වැඩකළ අනිකුත් නිලධාරී මහත්ම මහත්මීන්වත් පීසීආර් පරීක්ෂණවලට භාජනය කළ යුතුයි නේද?
මේ ගොල්ලෝ කවදාවත් විශ්‍රාම යන්නේ නැති කට්ටිය. මතකයි කොළඹ MC එකේ හිටපු කාලේ කරපු වැඩ තාමත්...
ටිකෙන් ටික ලොකුලොකු අයට රෝගය බෝ වීමේ සම්භාවිතාව වැඩිවෙනවා. කොරෝනා වෙළඳ භාණ්ඩයක් කරගෙන ඉන්න අය පරිස්සම් වෙන්න...