(ජයන්ත සමරකෝන්)

කොරෝනා වසංගතයේ හදිසි අවස්ථා මතුවුවහොත් වැලිකඩ බන්ධනාගාර රෝහල ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමට බන්ධනාගාර, ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ සමඟම අගුණකොළපැලැස්ස බන්ධනාගාර රෝහල හා දුම්බර බන්ධනාගාර රෝහල ද ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

සියලු ම නව රැඳවියන් බන්ධනාගාර වෙත යැවීමට පෙර පීසීආර් පරීක්ෂණවලට භාජනය කළ යුතු බවට රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර බලධාරීන්ට උපදෙස් දී තිබේ.