
(සිරංගිකා ලොකුකරවිට)
විනෝද චාරිකාවක යෙදුණු පිරිසක් අතරින් 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලය පවසයි.
ඔවුහු අඳාදොළ, වතුගෙදර, රන්දොඹේ සහ කොස්ගොඩ පදිංචිකරුවෝ වෙති.
වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකුද මෙම විනෝද චාරිකාවට සම්බන්ධ වී ඇති අතර වැලිගම පදිංචිකරු කොරෝනා ආසාදිත බව වාර්තා වීම හේතුවෙන් එම චාරිකාවට සහභාගී වූ අනෙක් පිරිස සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබේ.
එහිදි සොයාගෙන ඇත්තේ එම චාරිකාවට සම්බන්ධ වූ 16 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ප්‍රවෘත්තියක්. තව තවත් විනෝද චාරිකා යාම, සාදයන් පැවැත් වීම, ... වැනි දේවලින් වැළකී සිටීමට නොහැකි අයට මේක වටිනා පාඩමක්... මෙවැනි නොසැළකිලිමත් ක්‍රියා හේතුවෙන් ඇති වන තත්වවලදී ප්‍රතිකාර සහ අනෙකුත් වියදම් සඳහා යම් මුදලක් අය කර ගන්නේ නම් ඉතාමත් කාලෝචිතයි...
මෙතරම් අවදානමක් තියෙද්දී දැනදැනත් මොන විනෝද ගමන්ද..?