IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


විදේශවල රැඳී සිටින අය ගෙන්වා ගැනීම ලබන සත‍ියේ සිට

 

(විනීතා එම් ගමගේ)
 
 මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා එකඟතාව පළ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා පැවැසීය.
එහි දී කොරියාවේ හා මැද පෙරදිග රැඳී සිටින  පිරිස් පළමුවෙන් ගෙන්වා ගැනීමට බලා‍පොරොත්තු වන බව ද රන්දෙනිය මහතා  පැවැසීය.
         
විශේෂයෙන් කොරියාවේ රැකියා සඳහා යාමට පිරිසක් සිටින බැවින් එහි සිටින පිරිස් ගෙන්වා ගැනීම ඉක්මන් කළ යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

එමෙන්ම මැදපෙරදිග රටවල රැකියා අහිමිව සිටින අය ද ඉක්මණින් ගෙන්වා ගත යුතු බව කී කාර්යංශ මාධ්‍ය ප්‍රකාශකවරයා වඩාත් ප්‍රමුඛතාව දිය යුතු පිරිස්වලට ප්‍රමුඛතාව දෙමින් ඔවුන් ගෙන්වා ගන්නා  බවද කීය.
 
මේ වනවිට කොවිඩ් වයිරසය පැතිර යාම හේතුවෙන් රැකියා අහිමි වූ පිරිස් මෙන්ම ගිවිසුම් ගත රැකියා කාලය ඉක්ම යාම හේතුවෙන් මව්රටට පැමිණීමට බලාප‍ොරොත්තුවෙන් සිටින පිරිස් ද එහි ඇති  බවත් යම් යම් අසනීප තත්ත්වයන් ඇති අය මෙනම තව දුරටත් රැඳී සිටීමෙන් දඩ මුදල්වලට යටත් වීමට ඉඩ ඇති අය ද ඉක්මණින් ගෙන්වා ගත යුතු යැයි ද හෙතෙම සදහන් කළේය.

 



අදහස් (10)

විදේශවල රැඳී සිටින අය ගෙන්වා ගැනීම ලබන සත‍ියේ සිට

de silva Friday, 13 November 2020 10:31 AM

විශේෂයෙන් ගෙන්වාගන්න අවශ්‍ය නැහැ. ගුවන් තොටුපල ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘත කරන්න. එන පුද්ගලයන්ට දවස් 3 නිරෝධායන හෝටලයක් බුක් කරලා එන්න කියන්න. පැමිණීමේදී එක පී.සී.ආර්. පරීක්ෂණයකුත් දින 02කට පසු තව පී.සී.ආර්. පරීක්ෂණයකුත් සිදුකළා. ඉන්පසු දින 14ක් නිවසේ ස්වයං නිරෝධායනය කරන්න. ආණ්ඩුව තවම මිතුරන්ගේ තරු 05 හෝටල් පොහොසත් කරන්න බොරු නිරෝධායන ජාවාරම්, විදේශ ශ්‍රමිකයෝ සූරාකන එක වනත්වන්න. ලක්ෂ 2-3 ගෙවලා ලංකාවට එන්න අසරණ ශ්‍රමිකයින්ට බැහැ.

:       3       4

Samanmale Friday, 13 November 2020 10:33 AM

ඕක මේ හදිසියේ කරන්න ඕනි වැඩක් යෑ.. ඉස්සෙල්ලා මෙහෙ කොරෝනා ඉවරයක් කරගන්න. ඊට පස්සෙ හෙමින් සීරුවේ රට ඉන්න අය ගෙන්නවන්න පුළුවන්. පිටරටවල් වලත් ඉස්පිරිතාල තියනවනේ.. රට ඉන්න අය ගෙන්නවලා මෙහෙ නිරෝධායන කඳවුරු / ඉස්පිරිතාල පිරුණම මෙහෙ ලෙඩ්ඩු මුහුදට දාන්නද..? පිටරට ඉන්න අය දැන්ම ගෙන්නවන්න ඕනෑ නෑ..

:       14       2

ගම්ලත් Friday, 13 November 2020 10:37 AM

රජයේ නිරෝධානය කඳවුරු වලට ගේන්න එපා. පුළුවන් තරම් හොටෙල් වල නිරෝධානය කරන්න. රට ඉඳලා එන අයට Hotel වල නිරෝධානය වෙන්න පුළුවන් ලේසියෙන්ම. ලංකාවේන් අහුවෙන රෝගීන්ගේ ආශ්‍රිතයො වෙනුවෙන් රජයේ නිරෝධානය කඳවුරු වල ඉඩ තියන්න. හැබැයි රට ඉඳලා එන කිසිම කෙනෙක් නිවෙස් වල නම් නිරෝධානය කරන්න එපා. කවුරුත් කියනදේ අහන අය අපේ රටේ නෑ. ගෙවල් වල මිනිස්සුයි, ගමේ අයයි අමාරුවේ ගෙවල්වල නිරෝධානය කළොත්...

:       4       5

Ajith sandaruwan Friday, 13 November 2020 10:40 AM

කුවේට් වල ගෙවල් වලින් පැනලා වීසා නැතුව බංගලි/පාකිස්තාන/ඉන්දියන් අය එක්ක හිටපු සෙට් එකක් ඉන්නවා. ඒ වගේම එළියේ වීසා ගහගෙන ඉන්න අය ඉන්නවා. ලංකාව පැත්ත පලාතේ ගේන්න එපා. කම්පැණි වීසා තියන නීත්‍යානුකූලව ගිහින් ඒ රටේ නීති කඩන්නෙ නැතුව ඒ රටවල්වල හිටපු මිනිස්සු විතරක් ගේන්න.

:       4       4

Jayanthi Friday, 13 November 2020 10:43 AM

දැන් රට ඉන්න ගොඩක් අය විදේශ විනිමය හොයන්න රට ගිහින් තියෙන්නේ. හම්බකරලා ආණ්ඩුවේ ගිණුමට සල්ලි එවලා තියෙන්නේ. පවු එයාලව ගේන්න. ටිකට්, නිරෝධායනය, කෑම බීම මොකටවත් සල්ලි ගන්න එපා. රට විරුවෝනේ. නොමිලේ ගේන්න.

:       2       6

Dhammika-Qatar Friday, 13 November 2020 10:58 AM

අනේ දැන් එන්න ඕනේ නැහැ අපිව ගෙන්නගන්න. අපේ ජොබ් නැතිවුණා. වීසා නැතිවුණා. ඉන්න හිටිව් තැනක් නැතිව පාරට වැටුණා.එම්බසියේ කවුරුවත් ආවේ නැහැ උදව්වට.. ලංකාවට යන්න ඕනෑ නම් ඩිරාම් 4000ක පැකේජ් 1ක් අරන් යන්න කිව්වා. මේ රටවල මිනිස්සුන්ට හොඳ මනුස්සකමක් තියෙනවා. අපට මේ මිනිස්සු වෙන ජොබ් සෙට් කරලා දුන්නා.

:       1       4

බද්රානි Friday, 13 November 2020 11:18 AM

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ලෝකෙන් උතුම් රටේ ඉපදුන කාන්තාවන්, මැදපෙරදිග රටවල කන්නත් නැතිව දුක් විඳිනවා දකිද්දී, අපට නම් මාර දේශප්‍රේමී ආඩම්බරයක් හිතට දැනෙනවා මහත්තයෝ. එක අතකට ඉතින්, ඒ ගොල්ලෝ එහෙ දුක් වින්දාට අපිට මොකද? මෙහෙ බිස්නස් ප්ලෑන් එක හරියට ගහගන්න ඕනනේ... හොඳ ගාණක් හොර නඩයේ පොකට් එකට වැටෙන විදිහට, නේද?

:       1       6

Bitter truth Saturday, 14 November 2020 12:44 AM

එද්දී කිව්වේ සර් එක්ක බෑ කියලා... දැන් කියන්නේ සර්ට බෑ කියලා

:       0       9

thush Saturday, 14 November 2020 05:15 AM

විදේශ වල සිටින ස්වදේශිකයන් ගෙන්වා නොගෙන ගුවන් තොටුපල වසා ඇති ලොව එකම රට වෙන්නැති.

:       3       19

Bishan Saturday, 14 November 2020 09:44 PM

සර් ෆේල් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 802 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 924 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 382 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site