වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇතැයි විද්‍යාඥයන් සිය ගණනක් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත වාර්තා කර ඇත.
එම පුවත්පත මේ බව අනාවරණය කර ඇත්තේ සෙනසුරාදා ය.
වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇති බවට සාක්ෂි ඇතැයි ද එබැවින් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා දැනට දී ඇති නිර්දේශ අලුත් කරන්නැයි ද එම විද්‍යාඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා ඇත.
කටින් හෝ නාසයෙන් පිටවන කෙළ බිඳිතිවලින් නව කොරෝනා වයිරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිට ප්‍රකාශ කළේය. ඒ අනුව 'කොවිඩ්-19' වයිරස ආසාදිත පුද්ගලයකු කහින විට, කිවිසුම් යවන විට කෝ කතා කරන විට එම පුද්ගලයාගේ නාසයෙන් කටින් පිටවන කෙළ බිඳිතිවලින් නව කොරෝනා වයිරසය අන් පුද්ගලයන්ට ආසාදනය වන එම සංවිධානය සඳහන් කළේය.
රටවල් 32 ක විද්‍යාඥයන් 239 එක් වී මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විවෘත ලිපියක් ද යවා ඇත. ඔවුන්ගේ මෙම නව සොයාගැනීම ලබන සතියේදී විද්‍යා ජර්නලයක පළ කිරීමටද නියමිතය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
(රොයිටර්
055)
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වාතයේ කුඩා අංශුවලත් කොරෝනා‘
.පූජා Monday, 06 July 2020 05:11 AM
ඉතින් කොහොමද අපි බේරෙන්නේ..? හැම කෙනාම, මාස්ක් පළඳින්නේ නැහැනේ.. අව්ව ටිකක් දැක්ක ගමන් ඔක්කෝම අමතකයි..
imeshMonday, 06 July 2020 10:14 AM
ඔව්, ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා තමයි... අපේ වගේ අව්ව සැර රටවල්වලට...
Roshan Monday, 06 July 2020 10:13 AM
කොරෝනා රෝගීන් වැඩි රටවල තමයි වාතයේ තියෙන්නේ මන් හිතන්නේ. ලංකාවේ නැහැ. ඇමෙරිකාවේ විද්‍යාඥයින් කියන විදිහට කෙළින් වැටෙන සූර්යාලෝකයට විනාශ වෙනවා.