
(රංජිත් රාජපක්ෂ)
හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක අද(25) උදෑසන සිට කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදි සේවක සේවිකාවන් 28 දෙනෙකුට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන ඇත.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වු සේවිකාවන් 6දෙනෙකු සහ සේවකයින් සිව් දෙනෙකු ඊයේ(24) නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 451 දෙනෙකු අද(25) දින ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට භාජනය කර ඇත.
එම පරීක්ෂාවේදි සේවිකාවන් 21දෙනෙකුට සහ සේවකයින් 7 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.
කොවිඩ් 19 ආසාදනය වු සේවක සේවිකාවන් එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සිටම නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කලහ.ආසාදිතයන්ගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට නියමිතය.
කොවිඩ් 19 වයිරසය ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචිකරුවන් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියා සිටියහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.