IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලොවපුරා කොරෝනා මරණ ගණන 600,000 ඉක්මවයි

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19’ වයිරස වසංගතය හේතුවෙන් ලොවපුරා රටවලින් වාර්තා වන මරණ ගණන 600,000 ඉක්මවා ගොස් ඇත.
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව නන්දෙසින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන අද (18) පෙරවරුව වනවිට 601,213ක් ලෙස දැක්විණි.
 
ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මේ වනවිට මිලියන 14.2ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව මිලියන 7.9ක් ලෙස දැක්වේ.
 
වයිරසය හේතුවෙන් වැඩිම ආසාදිතයන් ගණනක් හා මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවෙන් වාර්තා වයිරස ආසාදිත මරණ ගණන සෙනසුරාදා දිනයේදී 140,000 ඉක්මවා ගියේය. ජෝන්ස් හොප්කින්ස් සහ රොයිටර් පුවත් සේවයේ දත්ත සටහන්වලට අනුව පසුගිය සති දෙකක කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ, ජනපද 50න් 43කින්ම දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වී තිබේ.
 
ඇමෙරිකාවෙන් අද පෙරවරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 3.7ක් වන අතර සුව වූ ගණන මිලියන 1.1ක් ලෙස දැක්විණි.
 
අවසන් පැය 24 දී ලොව රටවලින් වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 259,848ක් යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ද එම සංවිධානය සඳහන් කළේය.
 
ගෝලීය වසංගතය බැටකෙන යුරෝපයේ ආර්ථික ගොඩගැනීම සඳහා සහන පැකේජ ක්‍රියාත්මක කිරීමට එම රටවල නායකයෝ අවස්ථා කිහිපයකදී රැස්වූහ. කෙසේ නමුත් එකඟතාවකට පිවිසීමට ඔවුන්ට නොහැකි වූ අතර එම සාකච්ඡා අද දක්වා කල්දැමීමට ඔවුහු පියවර ගත්හ.
 
මේ අතර බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සනාරෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොක්ඩවුන් සීමා පැනවීම ප්‍රතික්ෂේප කළේය. එම සීමාවලින් රටේ ආර්ථිකයට දැවැන්ත බලපෑමක් එල්ල වී ඇතැයි හෙතෙම කීය. බ්‍රසීල ආර්ථිකය මේ වසරේදී 6.4% කින් පහත වැටෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
 
 
 
රොයිටර් සහ අල්ජසීරා ඇසුරිනි 
055

 



අදහස් (0)

ලොවපුරා කොරෝනා මරණ ගණන 600,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site