
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (18) මිලියන 30 ඉක්මවා ගියේය.
එමෙන්ම ලොව නන්දෙසින් වාර්තා වන ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ද මේ වනවිට මිලියනයකට ආසන්න වෙමින් තිබේ.
නව කොරෝනා වයිරසය හේතුවෙන් තවමත් වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 6.7ක් වන ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් මිලියන 5.1ක් ද බ්‍රසීලයෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 4.4ක් ද වාර්තා වේ.
ලොවපුරා සුව වූ නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන මිලියන 20.4කි.
ඒ.එෆ්.පී/රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd